Sale!
, , , , , , , ,

ඉපැරණි විත්ති

Original price was: රු2,400.00.Current price is: රු2,280.00.

  • සිංහල සිරිත් සංග්‍රහය +පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව + ගල්ඔය විත්ති + බටහිර ආක්‍රමණ සහ ලංකාව + ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය
  • සාමාන්‍ය මිල – රු.2400/=
  • අපේ මිල – රු. 2280/=

Out of stock

සිංහල සිරිත් සංග්‍රහය +පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව + ගල්ඔය විත්ති + බටහිර ආක්‍රමණ සහ ලංකාව + ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය

සාමාන්‍ය මිල – රු.2400/=

අපේ මිල – රු. 2280/=

 

සිංහල සිරිත් සංග්‍රහය

Author : මාහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි 

Publisher : Nalin Publisher 

Nineth Batch 2019

ISBN 978-955-4005-07-5

239 Pages

“ සිංහල, බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබදු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් කරනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද්‍රණය කිරීම සාධු සම්මත ක්‍රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික ව්‍යුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි.”

                                                                                                                   – ප්‍රවීණ ලේඛක ආනන්ද අමරසිරි – 

#SinhalaSirithSangrahaya #DEHettiarachchi #AinhalaPoth #SriLankaweIthihasaya

 

පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව

Author : ශ්‍රී ලාල් ද සිල්වා 

Ceylon of the Early Travellers (by H.A.J. Hulugalle) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Sarasavi Publishers

First Edition 2002

ISBN 978-955-31-1548-5

168 Pages

එච්.ඒ.ජේ. හුලුගල්ල සැබැවින්ම සංචාරකයෙක් බඳුය. තරුණ කාලයේ ඔහු පලස්තීනය, ඊජිප්තුව, ජෝර්දානය සංචාරය කළ අතර පසු කාලයේ, යුරෝපයේ සහ ඇමෙරිකාවේ වැඩි වශයෙන් ඇවිද්දේය. තමාට මුණ ගැසුණු පුද්ගලයන්ගේ අත්දැකීම් සහ විවිධ මතිමතාන්තර ඔහු මනාව විස්තර කරයි. 

හුලුගල්ල පුවත්පත් කලාවේදියෙකු වශයෙන් අවුරුදු 30ක් සේවය කළ අතර අවුරුදු 17ක්ම ගෙවී ගියේ ඩේලි නිව්ස් පත්‍රයේ කර්තෘ වශයෙනි. 1948 දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් පත්විය. ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන අගමැතිවරුන් තිදෙනා යටතේ ඔහු සේවය කළේය. 1950 දී හෙතෙම රෝමයේ සහ ඇතැන්ස්හි ලංකා තානාපති ධූරයට පත්විය. 

ඔහු ශ්‍රී ලංකාව පිළිබඳ පොත් කිහිපයක කතුවරයා වන අතර ඒවා ලෝකයේ පුස්තකාලවල අගනා කෘති හැටියට අදද භාවිතා කෙරේ. 

ඔහු 1981 දී අප අතරින් සමුගත්තේය. 

#ParanisancharakainDutuSriLankawa #SriLaldeSilva #SinhalaPoth #SinhalaPariwarthana

 

ගල්ඔය විත්ති

Author : සඳුන් ජයවර්ධන

Publisher : Kadulla Publishers 

First Edition 2020

ISBN 978-624-96299-0-5

95 Pages

වන මැද පිහිටි ජරාවාස වූ වැවකින් පොහොනි වන බොරළු ඇළ අවසන් වන්නේ ගල්ඔය හන්දියේ දුම්රිය පොළට පිටුපා පිහිටි සම බිමක ඇති විසල් කුඹුක් වන පෙතකිනි. අක්කර  දෙසීයක් පමණ බිමෙහි පිහිටි කුඹුක් වන පෙත දුම්රිය පොළත් ගල්ඔයත් අතර බිම් කඩ අරා සිටියි. මෙහි පොළව තැනින් තැන විහිදී ඇති නිල්වන් තණ ඇතිරිල්ලකින් හා මෘදු වැල්ලෙන් යුතුය.  මේ සම බිමට වන් බොරළු ඇල අවසන ගල්ඔය සොයා යන්නේ සිය වල්ලභයා සොයා යන යොවුන් කුමරියක පරිද්දෙනි. .බොරළු ඇලත්  ගල්ඔයත්  යාවෙන තැන වන  රොදින් සෙවන වන කුඩා වගුරකි.අවට පැතිර ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි සොඳුරු ආශ්වාදයකි. තෙත්කර බිමෙහි මතුපිට සියගනන් සමනල්ලු වසා  සිටිති. දිය කඩිති මතුපිට සප්ත සංඛයාත දිය මකුළුවෝ සැරිසරති. වගුර අයිනේ නොයෙක් අපා දෙපා සිවුපා සතුන්ගේ සලකුණුය. අවට ගස් මත නොයෙක් කුරුළු  ගණයා සැරිසරති.  තුරු  මුදුන් මත නිහඬව  පළුපත් බුදින වාණර ගණයාය. අවට පැතිර ඇත්තේ වන මැද සැතපුම් හයක් හෝ හතක් ඈතින් ඇති ගන වනයෙහි  ඇති නිහඬතාව  මිස අනෙකක් නොවේ.මේ නිහඬතාවය ඉඳ හිට බිඳ දැමෙන්නේ ඈතින් එන දුම්රිය හඬකිනි.

#GalOyawiththi #SandunJayawardane #SinhalaPoth #SriLankaweIthihasaya

 

බටහිර ආක්‍රමණ සහ ලංකාව

Author : රෝහණ පී. ප්‍රනාන්දු 

Publisher : Samanthi Publisher 

First Edition 2017

ISBN 978-955-084-117-2

290 Pages

සිරි සම්බුදු පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වූ ශ්‍රී ලංකාද්වීපය කුඩා දිවයිනක් වූවද කිසිඳු දිනෙක පරසතුරන්ට යටත් කර ගැනීමට නොහැකි වූ රමණිය භූමියකි. එසේ ලංකා ධරණී තලය සුරක්ෂිත වූයේ බුදු දහමේ ඇති තේජමාන භාවය හා ආශිර්වාදය නිසා වෙන් යැයි පුරාණ සිද්ධීන් විමර්ෂණය කර බැලීමෙන් පෙනේ. 

පෙර රජ දවසේ දකුණු ඉන්දීය ආක්‍රමණයන් ඇති වූවද වැඩි දුර යාමට නොදී ලංකාවේ දකුණින් නැගී ආ ජාතික හා ආගමික හිතවාදී බලවේග නිසා ඒවා විනාශ කරමින් ලංකාව ඒකීය රාජ්‍යයක් හැටියට පවත්වාගෙන ගිය බවට ඉතිහාසය සාක්ෂි දරණු ඇත. 

එසේම 1505 දී මුස්ලිම් වෙළඳ ඒකාධිකාරය හා කූට ක්‍රියා බිඳ දැමීම සඳහා පෘතුගීසීන් ලංකාවට ගෙන්වා ගත් නමුත් ඔවුන් රට අල්ලා ගත්තා නොවේ. ලන්දේසීන් හා ඉංග්‍රිසින් වූවද එසේමය. 1815 දී මේ රට ඉංග්‍රීසීන්ට ගිවිසුමක් මගින් බාරදුන්නේ රටේ පැවති කුලල් කාගැනීම් නිසාවෙනි. ඉංග්‍රීසින්ගෙන් මේ රටේ ආගමට හා සංස්කෘතියට ඇති වූයේ ඇති විශාල හිරිහැරයකි. 

මේ දෙය මධ්‍යස්ථව විමර්ෂණය කරමින් “බටහිර ආක්‍රමණ හා ලංකාව” යනුවෙන් ‌මෙ රට සිටින ජාතික, ආගමික හිතවාදී වියතෙකු හා ලේඛකයෙකු වන ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු මහතා විසින් කරුණු ලැබ ඇති ග්‍රන්ථය මා අතිශය ප්‍රශංසා පූර්වකව අගය කරමි. ඉතිහාසය විෂය පිළිබඳව පුළුල් දැනුමක් ඇති ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු මහත්මාට තවත් මෙවන් වැඩදායී ග්‍රන්ථ කිරීම සඳහා දිරිය හා ශක්තිය ලැවේවායි එතුමා ජීවත් වන ගමේ පන්සලේ නායික හාමුදුරුවන් වහන්සේ හැටියට මා තෙරුවණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි

මේ වගට,                                                                                                                                                            ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත,                                                                                                                              පූජ්‍යපාද දම්පහළ ඤාණරතන ස්ථවිර                                                                                                                    අමරපුර නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශවයේ                                                                                              කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක                                                                                                               තෙලවල විජයරූපාරාමය ධර්මායතනාධිපති.

     

#BatahiraAkramanayaSahaLankawa #RohanaPFernando #SinhalaPoth #SriLankaweIthihasaya

 

ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔ‌බේසේකර 

Publisher : Samanthi Books Publisher 

First Edition 2015

ISBN 978-955-084-136-3

152 Pages

විවිධ විෂයයන් පිළිබඳ ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථ 57 ක් ලියා පල කළ ආචාර්ය මිරැන්ඩෝ ඔ‌බේසේකර ශූරීන්ගේ 58 වන පර්යේෂණ ග්‍රන්ථය ‘ ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය’ සත්‍ය සිද්ධියක් වූ මෙම සමාජ පෙරළිය පිළිබඳ මෙතේ කිසිඳු ඉතිහාසඥයෙක් හෝ මානව විද්‍යාඥයෙක් මෙබඳු ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මෙය විද්‍යාර්ථයින්ට අත්පොතකි. 

ලක්වැසි සෑම කෙනෙක් ම ආදරයෙන් කියවිය යුතු අගනා ග්‍රන්ථයකි මෙය. පිටු දහස් ගණනක ඇතුළත් කළ යුතු කරුණු පිටු සිය ගණනකින් ඉදිරිපත් කිරීම ලේඛකයාගේ සහජ කුසලතාවයකි. 

                                                                                                                    – මහාචාර්ය රාජා අබේනායක –

                                                                                                                      ෆ්ලොරිඩා, ඇ.එ. ජනපදය       

#SriLankawePruthugreesiAkramanayenSiduwuSanskruthikaPeraliya #MirandoObeysekare #SinhalaPoth #SriLankaweIthihasaya            

 

Weight 1.113 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉපැරණි විත්ති”

Your email address will not be published. Required fields are marked *