,

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය

රු980.00

  • Author: රංගන කුරුවිට
  • Publisher: Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-955-656-612-3
  • 285 Pages

Availability: 2 in stock

Author: රංගන කුරුවිට

Publisher: Sooriya Publishers

First Edition 2021

ISBN 978-955-656-612-3

285 Pages

 

ඉතිබිසෝ ජාතක කාව්‍යය ක්‍රි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද්‍යය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැකි ය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතික පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත්, බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයත් නිරූපණය කරමින් මෙරට දැකගත හැකි එකම කථා පුවත වීමත් ය. සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ කථා බහේ දී සුවිශේෂී ව කියැවුණ ද මෙතෙක් මුද්‍රණද්වාරයෙන් පිට ව නොතිබීම නිසා විද්‍යාර්ථීන්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොලැබුණි.

ජාතක පොතෙහි නොමැති මෙම කථා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මනඃකල්පිත ව පබඳින ලද්දක් ද? නොඑසේ නම් මෙහි ප්‍රභවය හා විකාශනය කෙසේ සිදු වී ද? මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ හියු නෙවිල් එකතුවේ හා බ්‍රිතාන්‍යයේ වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිතා කරමින් පිළියෙළ කළ ශාස්ත්‍රීය සංස්කරණයකින් ද ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකින් ද සමන්විත මෙම පර්යේෂණ කෘතිය සිංහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ නොදුටු පැතිකඩක් පාඨකයාට විවර කරයි.

#IthibisoJathakayaHaIthibisoJathakaKavuyaya #RanganaKuruwita #SinhalaPoth #OnlineBooks

Weight 0.506 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය”

Your email address will not be published. Required fields are marked *