Author: චන්ද්‍රා ජයවර්ධන/චාමින්ද සෙනෙවිරත්න
Narrative of the life of Frederick Douglass an American Slave (by Frederick Douglass) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Samanthi Publishers
First Edition 2017
ISBN 978-955-084-183-7
136 Pages
ඇමරිකාවේ වහල් සේවය පැවති සමයේ, උපතේ සිට වසර 23 ක් වහලෙක් ලෙස තමාට අත්විඳීමට සිදු වූ අතිශය ඛේදනීය සහ ලොමු දැහැගැන්වෙන සිදුවීම් මධ්‍යයේ නිදහස් සොයා පලාගිය ෆෙඩ්රික් ඩග්ලස්ගේ (1818-1895) ජීවිතය අලලා ඔහු විසින් රචිත ඔහුගේ ජිවිත කතාව ඔබව මුසපත් කරවන සිදුවීම්වලින් පිරී තිබේ.
අනේකවිධ කායික මානසික වේදනාවන්ට ලක්වෙමින්, කස පහර කමින් ඔහු ගෙවූ වහල් ජීවිතය මෙම කෘතියේ විස්තර වී තිබේ.
මරණ බිය පසුපසින් තිබියදී අධිෂ්ඨානශීලීව සැලසුම් කරගත් ඔහුගේ පලායාම තම විමුක්තිය පමණක් නොව කළු ජාතික වහලුන්ගේ විමුක්තියට සෘජුවම බලපෑවේය.
මෙම කෘතියෙන් අධිෂ්ඨානශීලී මිනිසකුට ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කළ නොහැකි දෙයක් නැති බව පෙන්වා දෙයි. මෙම කෘතිය වසර තුනක් නොකඩවා ඇමරිකා එක්සත් ජනපදයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය වශයෙන් ද වාර්තා තබා ඇත.
#AlokayeGiniSiluwa #ChandraJayawardhanaAndChamindaSenevirathna #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.