,

අසිරිමත් ග්‍රීසිය

රු1,800.00

  • Author : රන්ජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  • First Batch 2014
  • ISBN 978-955-1300-48-7
  • 179 Pages

Out of stock

Author : රන්ජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

First Batch 2014

ISBN 978-955-1300-48-7

179 Pages

 

“වර්තමාන සමාජයේ තිබෙන මෙවන් විපරිතතා දකින රන්ජිත් ධර්මකීර්ති නමැති අග්‍රගණ්‍ය කලාකරුවා ග්‍රීසියට ගොස්, උසස්තම වේදිකා රංගන ලොවට හඳුන්වා දුන් ඓතිහාසික රංග භුමි සියැසින් දැක, මේ පොත මඟින් අගනා පණිවිඩයක් ගෙනේ.”

ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, සාහිත්‍ය රත්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ, බී.එස්.සී. ලංකා පී.එච්.ඩී. (කැළණිය)

 

“අසිරිමත් ග්‍රීසිය” නම් වූ මේ මාහැඟි ග්‍රන්ථයෙන් රන්ජිත් ධර්මකීර්ති නමැති කෘතහස්ත ලේඛකයාගේ නිරීක්ෂණ කුසලතාව, දැනුම, කල්පනය, ජීවිතාවබෝධය මෙන් ම, සමාජ දෘෂ්ටිය මැනවින් විශද වන්නේ ය. කතුවරයා සතු ලේඛක පරිචයෙන් ද, නිරවුල් සමාජ විඥානයෙන් ද, මේ කෘතිය ඔස්සේ අපගේ සාහිත්‍ය සම්භාෂණයට අර්ථ  සම්පන්න දායකත්වයක් සපයා තිබෙන බව ගෞරවයෙන් සඳහන් කළ යුතු වේ.

සමස්ත ලෝකයට ම අපමණ දේ දායාද කළ අතිශයින් පොහොසත් සංස්කෘතික උරුමයක් තිබෙන ග්‍රීසියට පාඨකයා කැඳවාගෙන යන ලේඛකයා, සියැසින් දුටු දේ මෙන් ම සිය නැණ නුවණින් පසක් කරගත් දේ ද නිසි ශාස්ත්‍රීය ශික්ෂණයකින් ගෙනහැර දක්වන අන්දම අගනේ ය. විශිෂ්ඨ ය.

කෙටිකතාකරුවෙකු ලෙසින් ද, සිංහල වේදිකාවේ අභිවෘද්ධියට දායක වූ අද්විතීය නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකයෙකු වශයෙන් ද, දීප්තිමත් අනන්‍යතාවක් ගොඩ නඟා ගත් රන්ජිත් ධර්මකීර්ති නමැති ලේඛකයා නාට්‍ය කලාව අධ්‍යයනයට ප්‍රයෝජනවත් හා අතිශයින් වැදගත් ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක කතුවරයා වේ. හෙතෙම ශාස්ත්‍රීය ලේඛකයේ දී ද, නිර්මාණකරණයේ දී ද, “දැඩි විනයකින්” හා දැඩි “වගකීමකින්” කටයුතු කරන්නේ ය .

එ බැවින් ඔහු අතින් ලියැවෙන්නේ තාවකාලික බවකින් යුත් කෘති නොවන බව කිව යුතු ය. ඔහු ගේ අතින් ලියැවෙන්නේ මතු මතුවටත් ප්‍රයෝජනවත් ග්‍රන්ථය. “අසිරිමත් ග්‍රීසිය” ද මා අගය කරන්නේ එවන් කෘතියක් ලෙසිනි.

“අසිරිමත් ග්‍රීසිය” නම් වූ කෘතිය සම්බන්ධව මා දකින තවත් අපූර්වත්වයක් වන්නේ, සාමාන්‍ය පාඨකයාට ද මේ කෘතිය පරිශීලනය සැබැවින් ම ‘අසිරිමත් අත්දැකීමක්’ වීම ය.

මහාචාර්ය සරත් විජේසූරිය , කොළඹ විශ්වවිද්‍යාලය

#AsirimathGreesiya #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

 

Weight 0.560 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසිරිමත් ග්‍රීසිය”

Your email address will not be published. Required fields are marked *