Author : ගුණරත්න ඒකනායක
Publisher: Nipun Publisher
First Edition 2017
ISBN 978-955-0258-75-8
144 Pages
ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගුණරත්න ඒකනායක, තෙල්දෙණිය මධ්‍ය මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කළමනාකරුවෙකු වශයෙන්ද, වාර්මාර්ග හා විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශකයෙකු වශයෙන් ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිළධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.
විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලෙඛඛ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුන් නවකතා තරඟයේ ප්‍රථම ස්ථානය දිනූ “තෑගි ගොඩයි” කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජයවර්ධන නවකතා තරඟයේ තුන්වන ස්ථානය දිනූ “යාපනය තවමත් ඈතයි” නවකතාවද, 2005 සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ නවකතා තරඟයෙන් තෝරාගත් “අලුත් වලව්ව” නවකතාව ද, 2007 එම තරඟයෙන් ජයගත් “අපේම මිනිස්සු” නවකතාවද, 2008 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා “අපේම මිනිස්සු” නිර්දේශ වූ අතර 2012 දී ඔහු විසින් ලියන ලද “සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි” එම තරඟයේ නිර්දේශිත කෘතියක් වශයෙන් තෝරා ගන්නා ලද අතර 2015 වසරේ ගොඩගේ සාහිත්‍යය සම්මාන සඳහා “ගඟ අසබඩ සුරංගනාවි” යොවුන් නවකතාව ද නිර්දේශ විය.
වේදිකා නාට්‍ය කිහිපයක් ද නිපදවා ඇති ඔහු වාර්තා චිත්‍රපටි මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක් ද නිපදවා කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරයි.
#ApoiMageIskole #GunarathnaEkanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.