Author – එස්.පී.එස්.වීරසිංහ
Publisher – Visidunu Publishers
First Edition 2014
ISBN 978-955-0955-61-9
295 Pages
අනුරපුර යුගයේ සිට අපේ යටගියාව දත් අයට පවා වවිනියාව පෙදෙස වනාහි ලක් ඉතිහාසයේ සුවිසෙස් පුරා විද්‍යාත්මක ස්මාරක රැසක් මෙන් ම ඉපැරැණි සිංහල ගම්මාන රැසක් තව මත් පවතින්නා වූ දිස්තිරික්කයක් බව අමතක වන්නට ඉඩ නො දී මේ පොත සම්පාදනය කර ඇත්තේ ය. ‘අපේ වැවිණියාව: වවිනියාව දිස්තිරික්කයේ සිංහලයන් ගේ පුවත’ නමැති මේ පොතෙහි වවිනියාව පෙදෙසේ ඉතිහාසය ගැන ඉතා සුපරීක්ෂකාරී ව කරුණු සොයාබලා ගෙනහැර දක්වන අයුරු පාඨකයනට මනා ව පෙනේ. එ මෙන් ම මේ කෘතිය බෙහෙවින් අගනා දුලබ තොරතුරු සම්භාරයක් සපයන බව නො පැකිළව කිව හැකි ය.
කතුවරයා හුදෙක් ම තොරතුරු සැපයීම පමණක් නො කොට තම පොත සාහිත රසයෙන් ද අනූන කිරීමේ අරමුණින් ඔහු පෞද්ගලික ව ම ඒ ඒ තැන්වලට ආ ගිය අයුරුත් ඒ ඒ තැන්වල අත්දුටු දේත් සිත් අලවන ලෙස ඉදිරිපත් කිරීම විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි. නිදසුන් ලෙසින් දුටුගැමුණු රජු ගේ දස මහා යෝධයන් අතර සිටි නන්දිමිත්‍රයන් ගේ උපන් බිමේ කළ සංචාරය කතුවරයා බෙහෙවින් මන බඳින අයුරින් වාර්තා කරයි.
කේ. එන්. ඕ. ධර්මදාස, සම්මාන මහාචාර්ය සහ සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ
එස්. පී. එස්. වීරසිංහ මෙ රට පාඨක ප්‍රජාව මූලික වශයෙන් ම හඳුනන්නේ දේශීය සංචාරකයන් ගේ අත්පොත් බවට පත් ව ඇති ‘සිරිලක ඇසු දුටු තැන් චාරිකා සංග්‍රහය’ හා ‘පාර’ කෘතීන්හි කතුවරයා ලෙස ය.
සිරිලක පුරා චාරිකා කරමින්, සොබා දහමේ අපූරු දායාදයන් සේ ම පුරාවිද්‍යාත්මක වටනාකමින් යුතු අතීත උරුමයන් ද ගවේෂණය කරමින්, ඒ හා ම ඒ ඒ පළාත් බද ජනජීවිතය ග්‍රහණය කරගනිමින් සහ මේ සියල්ල සිය කැමරාවෙහි සටහන් කරගනිමින් ඔහු විසින් රචනා කර ඇති මුනි සිරිපා සිඹිමින්නේ: සිරිපා මාර්ග හයේ කතාව’, ‘මීමුරේ සනුහරේ’, ‘හුළං හොරු: ගවේෂකයකු ගේ චාරිකා සටහන්, ‘නුවර පාර’ කෘති නිහඬ ගවේෂකයකු ගේ සම්ප්‍රාප්තිය අපට කියාපායි. වෘත්තියෙන් විද්‍යා ගුරුවරයකු වූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාව ද පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා පාඨමාලාව ද හෑගොඩ ශිල්ප නිකේතනයේ ජායාරූප පාඨමාලාව ද හදාරා ඇත. මේ අධ්‍යාපන සුදුසුකම් ඔහු ගේ හද බැදගත් ක්ෂේත්රයන් සේ ම ඔහු ගේ කෘතීන් සාරවත් වීමට හේතු ද කියාපායි.
#ApeWewniyawa #SPSWeerasinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.