Sale!
, , , , ,

අපේ ගැමි ගායනා ගැන හදාරන අයට

රු2,613.00

  • සිංහල ජන ගායන ‌‌ශෛලී + සිංහල වන්නම් කලාව
  • සාමාන්‍ය මිල – රු. 2750/=
  • අපේ මිල – රු. 2613/=

Availability: 2 in stock

සිංහල ජන ගායන ‌‌ශෛලී + සිංහල වන්නම් කලාව

සාමාන්‍ය මිල – රු. 2750/=

අපේ මිල – රු. 2613/=

 

සිංහල ජන ගායන ‌‌ශෛලී

Author: සමන් පනාපිටිය

Publisher: VAPA University Press

First Edition 2021

ISBN 978-624-5785-00-1

326 Pages

1992 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය ප්‍රථම උපාධිය පංති සාමාර්ථයක් සහිත ව සමත් වී එහි ආචාර්ය මණ්ඩලයට බැඳුණූ සමන් පනාපිටිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, ලක්නව්හි භාත්කණ්ඩ සංගීත විද්‍යා පීඨය ආදී අධ්‍යයන කේන්ද්‍රයන්ගෙන් පශ්චාත් උපාධී සහ ඩිප්ලෝමා සහතික ලබමින් ස්වකීය ශාස්ත්‍ර ඥානය පුළුල් කර ගත්තේ ය.

මෙ රට සංගීත සමාජය සමන් පනාපිටිය හඳුනා ගත්තේ ජන සංගීතය පිළිබඳ ප්‍රාමාණිකයකු වශයෙනි. ඊට හේතුව නම් ඔහුගේ ජීවිතය ජන සංගීතය සමඟ අත්‍යන්තයෙන් බැඳී තිබීමයි. ඔහු ගමින් ගම දොරින් දොර ගොස් දේශන පවත්වන්නේ ජන සංගීතය ගැන ය. “මාත්රා” ජන සංගීත කණ්ඩායම ඔස්සේ රට පුරා ප්‍රචලිත කරන්නේ ද ජන සංගීතයෙහි මිහි රය. ඔහු ගේ නිර්මාණවලට පාදක සංගීතය අලළා රචිත පර්යේෂණ නිබන්ධනයකට ය.

1865 සිට හියු නෙවිල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු.ආතර් ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන් අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස් කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගයගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්, ඒ ඇසුරෙන් නිර්මාණ කරන්ටත් උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදින් කිහිපදෙනෙකු පමණි.

සමන් පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත් බොහෝ දුර ගමන් කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලී 11 ක් හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිතා කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන් පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලී” නමැති මෙම කෘතියෙන් සිංහල ජන සංගීත ක්ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක් පතිත වන බව අපගේ විශ්වාසය යි.

#SinhalaJanaGayanaShailee #SamanPanapitiya #SinhalaPoth #OnlineBooks

 

සිංහල වන්නම් කලාව

Author: සමන් කුමාරතුංග

Publisher: VAPA University Press

First Edition 2021

ISBN 978-624-5785-03-2

502 Pages

ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සාහිත්‍යානුගත ලලිත කලාවකි. සිංහල ගීත කලාවේ පෞඩත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි. එහි අගය වටහා ගත් පුරාණ යතිවරු, ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්. මහවලතැන්න බණ්ඩාර, ඊ.ඒ. දෙල්ගොඩ, ඇස් ඇල් බී කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ. මේ පිළිබඳ ව සංගීතඥ සී. ද එස් කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත. මේ විද්වතුන් උඩරට, සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකිය. එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යයනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට, පහතරට , සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නො වූ රජරට එක්විසි වන්නම, සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතුය. කතුවරයා වන්නම් ඉතිහාසය, සාහිත්‍යය, විකාසනය, අර්ථ විවරණ , විචාරය, නාද මාලා, තාල ප්‍රභේද සහ නර්තන කලාව වැනි ක්ෂේත්‍රයන්හි දීර්ඝ අධ්‍යනයක යෙදී තිබෙන බව මෙහි සංදර්භය නිරීක්ෂණයෙන් කාට වුව ද අවබෝධ කොට ගත හැකිය. ඒ හෙයින් මෙය සමාජ විද්‍යාව, මානව විද්‍යාව, සංස්කෘතික, සාහිත්‍යය, ඉතිහාස, සංගීත, නර්තන සහ ජනශ්‍රැති අධ්‍යයනයේ නියැලෙන විද්වතුන්ටත් පොදු පාඨකයාටත් බෙහෙවින් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. විචාරශීලි ව්‍යක්ත පරිචයක් මෙහි ගැබ් වී පවතී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

#SinhalaWannamKalawa #SamanKumarathunga #SinhalaPoth #OnlineBooks

Weight 1.576 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ගැමි ගායනා ගැන හදාරන අයට”

Your email address will not be published. Required fields are marked *