Author: නන්දසේන රත්නපාල
Publisher: S Godage & Sahodarayo (Pvt) Company
Sixth Batch 2021
ISBN 978-955-30-4503-4
264 Pages
අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට හා අපරාධ යුක්තියට අයත් පොලීසිය, අධිකරණය, පරිවාසය, පුනරුත්ථාපනය, දණ්ඩනය, බන්ධනාගාරය ආදී අංග ගැන පමණක් නොව බෞද්ධ නීතිය ගැන ද විග්‍රහයක් එයි. අපරාධ හා තාක්ෂණය අතර සම්බන්ධය ද මෙහිදී අර්ථවත්ව විස්තර වන්නේය. ඒ නිසා මේ ග්‍රන්ථය අපරාධ විද්‍යාව හදාරන්නන්ට මෙන් ම පොලීසිය, අධිකරණය, පුනරුත්ථාපනය, පරිවාසය හා බන්ධනාගාර කටයුතු ආදී කාර්යයන්හි යෙදී සිටින්නන්ට තම දැනුම හා අත්දැකීම් පළල් කරගන්නට මගක් ලබා දෙනු ඇත.
මෙහි කර්තෘ මහාචාර්ය නන්දසේන රත්නපාල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය උගැන්වීමෙහි යෙදී සිටි අතර හෙතෙම ආචාර්ය උපාධි තුනක් දිනාගෙන ඇත්තෙකි. ශ්‍රී ලංකාවේ කවර විශ්වවිද්‍යාලයකින් වත් මින් පෙර ප්‍රදානය නොකළ පර්යේෂණ සඳහා වූ (සම්මාන නොවන) සාහිත්‍යසූරී (D.Litt) උපාධිය ද ඔහු දිනා ගත්තේය. ඔහුගේ ග්‍රන්ථ ලංකාවේ හා යුරෝපයේ ද, ඉන්දියාවේ, සිංගප්පූරුවේ, කැනඩාවේ හා ඇමරිකාවේ ද පළවී ඇත.
#AparadhaVidyaweMooladharma2 #NandasenaRathnapala #AparadaVidyawa #OnlinePoth #OnlineBooks
Reviews
There are no reviews yet.