, , ,

අඳුරු සක්මන

රු450.00

  • Author : ධවල සක්විති තිරාණගම 
  • Publisher : Grantha.lk
  • First Edition 2020
  • ISBN 978-955-3493- 98-9
  • 152 Page

Out of stock

Author : ධවල සක්විති තිරාණගම 

Publisher : Grantha.lk

First Edition 2020

ISBN 978-955-3493- 98-9

152 Page

 

පෙර දින රාත්‍රියේදී ඇසුණු කවිය මා හට යලිත් වරක් ඇසෙන්නට වූවේය. එය මාගේ මනෝවිකාරයක් යැයි සිතූ මම හිස දෙපසට සොලවා දකුණු ඇලයට හැරුනෙමි.

“ අම්මේ මම කවිය ලස්සනට කිව්වා නේද? ටීචත් කිව්වා මං ලස්සනට කිව්වා කියල. ”

මට වැරදීමක් සිදුව නොතිබුණි. කුඩා දැරියකගේ කටහඬක් සැබැවින්ම ඇසෙමින් තිබුණි.

“මොකක්ද මේ වෙන්න යන්නේ මට පිස්සුවත් හැදීගෙන ඒනවද? ”

මා පොරෝනය තුළට ගුලිවී දෙනෙත් තද කොට පියා ගත්තෙමි. ඒ් සමඟම කාමරයේ දොර සෙමෙන් විවර වන ශබ්දය මට ඇසුණි. මා හෙමින් සීරුවේ පොරෝනය පහත් කොට දොර දෙසට නෙත් යොමුවෙමි. 

දොර අසල කුඩා දැරියක් සිටගෙන සිටියාය. ඇයගේ අතෙහි ලන්තෑරුමක් තිබුණි. මා පෙර දින දුටු බෝනික්කා ඇය සතුව නොතිබුණි.“ මගේ කවිය ලස්සනයිද මාමේ ? ”ඇය විරිත්තමින් විමසුවාය.

#AduruSakmana #DhawalaSakvithiThiranagama #SinhalaPoth#SinhalaNowels

Weight 0.185 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අඳුරු සක්මන”

Your email address will not be published. Required fields are marked *