අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම

රු475.00

  • Author : පියසිරි මාතරගේ 
  • Publisher : Sarasavi Publisher
  • First Edition 2006
  • ISBN 978-955-31-1292-7
  • 280 Pages

Out of stock

Author : පියසිරි මාතරගේ 

Publisher : Sarasavi Publisher

First Edition 2006

ISBN 978-955-31-1292-7

280 Pages

මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයෙකුගේ සංචාරයකි. එහෙත් මෙය ඒ සංචාරයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඵෙතිහාසික කරුණු පවා මෙහි ඇතුළත්ය. 1917 රුසියන් විප්ලවයෙන් පසුව ඝාතනය වූ සාර් රජු  වූ 2 වැනි නිකුලස් රජු 1891 දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වැනි බොහෝ දෙනා නොදන්නා කරුණු මෙහි ඇතුළත්වීම උදාහරණයකි. 

1870 – 1891 කාලයේ සිංහල පුවත්පත්හි පළ වූ වාර්තා, ලිපි හා කතුවැකි ආදියෙන් අවශ්‍ය කොටස් මනා ලෙස තෝරා ගොනු කරන කතුවරයා, කතාන්තරයක් කියන්නා සේ තම කෘතිය ඉදිරිපත් කරයි.

මේ පැරණි පුවත්පත්වල භාෂා ශෛලිය නිසා උපදින හාස්‍යය මෙන්ම, උපහාසය, කෝපය, කුතුහලය වැනි විවිධ හැඟීම් ද අඩංගු නිසා ආස්වාදයක් ද ලබමින් මෙය කියැවිය හැකිය. පරම්පරා තුනකට පෙර සිටි මුතුන් මිත්තන් විසූ සමාජය වෙත පාඨකයා කැඳවාගෙන යෑමට මේ කෘතිය සමත් වී ඇත.

ඉතිහාසය හා ජන සන්නිවේදනය හදාරන සිසුන්ට ද, පර්යේෂකයන්ට ද ඉතා ප්‍රයෝජනවත් මෙම කාතිය සාමාන්‍ය පාඨකයන්ට ද ආශාවෙන් කියැවිය හැකි වනු ඇත. 

 

ඒ.එස්. බාලසූරිය  

#AdirajyaKumarawarungeLankawaNamWuKelibima #PiyasiriMatharage #Sinhalapoth 

  

                                                                                                                                               

 

 

Weight 0.307 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම”

Your email address will not be published. Required fields are marked *