,

අඩා මහත්තයා

රු300.00

  • Author : අශෝක පියරත්න 
  • Publisher : Fast Printery Publisher 
  • Secound Batch 2019
  • ISBN 978-955-43646-0-8
  • 146 Pages

Availability: 2 in stock

Author : අශෝක පියරත්න 

Publisher : Fast Printery Publisher 

Secound Batch 2019

ISBN 978-955-43646-0-8

146 Pages

සත්‍ය කතා පුවතක් තේමා කොට ගෙන රචිත “ අඩා මහත්තයා ” කෘතිය සම්පත් ඌණතාවයෙන් ද කිසිත් හවුහරණක් නැති දුගී බව වෙළාගත් කිසි ලෙසකින්වත් සංවර්ධනයේ පහස නොලද ගැමි ප්‍රජාවක ගෙන් වටවුණු කුඩා පාසලක්, දඬුවම් මාරුවක් ලද ගුරුවරයෙකු විසින් ශක්තිමත් අඩිතාලමක් මත සඵලදායක ලෙස ගොඩනැගූ ආකාරය පිළිබඳ ප්‍රත්‍යයික අධ්‍යයනයක් සේ පෙනේ. 

පාසල බහුවිධ කාර්ය සාධන මධ්‍යස්ථානයක් විය යුතුය යන අදහස ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රබල ලෙස අවධාරණය කෙරෙන මෙවන් යුගයක දශක ගණනාවකට පෙර එම අවශ්‍යතාව හඳුනාගනිමින් ඉතා දුර බැහැර අතිදුෂ්කර කුඩා පාසලක් ඇසුරින් එම කර්තව්‍යය සාර්ථක ලෙස ක්‍රියාත්මක කොට පෙන්වීම මෙහි කතානායකයා වන සීලරත්න සෙනරත් ගුරුතුමාගේ උපායශීලී කළමනාකරණ භූමිකාවේ වික්‍රමයක් මෙන්ම විශිෂ්ට පරමාදර්ශයක්ද වෙයි. සෙනරත් ගුරුතුමාගේ අපූරු කළමනාකරණ කුසලතාවත් දැඩි අධිෂ්ඨාන ශක්තියත් උත්තුංග මානවීය ගුණාංගත් හේතුවෙන් විටෙක පාසල ආගමික මධ්‍යස්ථානයක් ලෙසත්ල ජාතික සංහිඳියාවේ කේන්ද්‍රයක් ලෙසත්, ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙසත්, තවත් විටෙක සෙනරත් ගුරුතුමාම වෛද්‍යවරයෙක් කොටගත් සායනික කේන්ද්‍රයක් ලෙසත් සිප්පිමඩුව සිංහල විද්‍යාලය සමාජ සංවිධානයක් ලෙස වේගයෙන් ඉදිරියට ඇදී යන ආකාරය අපූරුය. 

ඉතා ප්‍රවේශමෙන් වචන තෝරා ගනිමින් සරල සුගම ශෛලියකින් සංවේදී හා හැඟුම්බර අවස්ථාවන් සිය ලේඛන කෞෂල්‍යයේ මහිමයෙන් අශෝක පියරත්තයන් ඉතා සියුම් ලෙස උද්දීපනය කරමින් අපූර්ව ආකාරයෙන් පාඨකයාට ඉදිරිපත් කොට ඇති අයුරු මනස්කාන්තය. 

කුඩා පාසලක් පවත්නා වාස්තවික තත්ත්වයන්ට අනුරූපව සෘණාත්මක සාධක ධනාත්මක සාධක බවට පෙරළා ගනිමින් පාසලක් සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විදුහල්පතිනිය, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට විශිෂ්ට පූර්වාදර්ශයක් වන “ අඩා මහත්තයා ” මේ පිළිබඳව අධ්‍යයනය කරන පර්යේෂකන්ට, විද්‍යාර්ථීන්ට මෙහිලා උනන්දුවක් දක්වන කලා රසඥතාවය අගය කරන සාමාන්‍ය ජනයාටත් එකසේ ප්‍රයෝජනවත් වන මාර්ගෝපදේශකයක් වේ යැයි මම උදක්ම විශ්වාස කරමි. 

එන්. කච්චි මොහොමඩ් 

#AdaMahattaya #AshokaPiyarathne #SinhalaPoth #Charithapadana

Weight 0.183 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අඩා මහත්තයා”

Your email address will not be published. Required fields are marked *