,

හත අට වසර සඳහා නාට්‍ය හා රංග කලාව

රු490.00

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • Publisher: Sakila Publication
  • First Edition 2021
  • ISBN 978-955-1300-838
  • 81 Pages

Availability: 3 in stock

Author: රන්ජිත් ධර්මකීර්ති

Publisher: Sakila Publication

First Edition 2021

ISBN 978-955-1300-838

81 Pages

 

මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත්තේ හත වසර සිට අට වසර තෙක් නාට්‍ය හා රංග කලා විෂය නිර්දේශය පාදක කොට ගෙනය. මෙම ග්‍රන්ථය රචනා කළ ආචාර්ය රංජිත් ධර්මකීර්ති රාජ්‍ය සම්මානලාභී නාට්‍ය රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. කෙටිකතා හා නවකතා කරුවෙකි. පරිවර්තකයෙකි. ශාස්ත්‍රීය  ග්‍රන්ථ සම්පාදක වරයෙකි. “ හිරු නැති ලොව” ( පරිවර්තන) “ මෝදර මෝල” (ස්වතන්ත්‍ර) “ මේඝ” (ස්වතන්ත්‍ර).  ඔහු රාජ්‍ය සම්මාන දිනූ නාට්‍යවේදියෙකි.  ඇලෙක්සි අර්බුසොෆ් ගේ “ අංගාරා ගඟ ගලා බසී” ( සංගීතමය නාට්‍ය)  යූජින් අයනෙස්කෝ ගේ “ හස්තිරාජ මහත්තයා” ( අසම්මත නාට්‍ය)  හා ඇන්ටන් චෙකොෆ්ගේ “ චෙරි උයන” ඔහුගේ පරිවර්තන නිෂ්පාදන වේ. ජර්මන් ජාතික මහාචාර්ය ෆිට්ස් බෙනිව්ට්ස් සමග ම අධ්‍යක්ෂණයක් ලෙස නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ “ද ත්‍රි පෙනි ඔපෙරා” (අඩි රැළේ නාඩගම) සංගීතමය නාට්‍යය ඔහුගේ ප්‍රකට අධ්‍යක්ෂණ සේ සැලකේ.” නාට්‍ය ප්‍රවේශය” විමර්ශනාත්මක අධ්‍යයනයක් මෙන්ම “ රංග කලා ප්‍රවේශය”  විමර්ශනාත්මක අධ්‍යයනයක් “ නාට්‍ය හා රංග කලා සරල විග්‍රහයක්” “ස්ටැනිස්ලාව්සිකි හා ඔහුගේ රුපණ විධික්‍රමය” හා “ කෙටිකතා නිර්මාණය, අධ්‍යයනය හා මූලධර්ම” යන ග්‍රන්ථ මොහු අතින් ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථ වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් ද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද ඔහු සේවය කොට ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි හා සහතික පත්‍ර පාඨමාලාව ද කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ ද කැලණිය විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී උපාධි පාඨමාලාව ද ජාතික අධ්‍යාපන ආයතනයේ නාට්‍ය හා රංගකලා ගුරු උපදේශක පාඨමාලාව හා අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ ද බාහිර කථිකාචාර්යවරයෙකි.

මොස්කව් ස්ටැනිස්ලාව්ස්කි රංග කලා ආයතනයේ රූපණ කලාව පිළිබඳ පුහුණුවක් ද බැංකොක්හි දුරාකිජ්පණ්ඩිත් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන සැලසුම්කරණය පිළිබඳ උසස් පාඨමාලාවක් ද හදාරා ඇති ඔහු විදේශ රටවල් ගණනාවක සංචාරය කොට නාට්‍ය කලාව පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් ලබා සිටී. තවද ලන්ඩන් නුවර රංග කලා ලංකා ආයතනය මගින් කරන ලද ආරාධනයක් අනුව එහි සාමාජිකයන් වෙනුවෙන් පාඨමාලාවක්ද මෙහෙයවා ඇත. 1987 වර්ෂයේදී ශාස්ත්‍රීය අංශයේ ( විවිධ විෂය) වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සම්මානය ද ඔහුට හිමි විය.

ආචාර්ය රංජිත් ධර්මකීර්ති විසින් නාට්‍ය හා සාහිත්‍ය කලාවට කල සේවය අගය කරමින් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දී 2018 උපාධි ප්‍රදාන උත්සවයේදී ඔහුට ද මහාචාර්ය ගනනාථ ඔබේසේකරටද ඩිලිටි උපාධිය පිරිනමන ලදී.

 

#NatyaHaRangaKalawa #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හත අට වසර සඳහා නාට්‍ය හා රංග කලාව”

Your email address will not be published. Required fields are marked *