, ,

සපරගමු නර්තන ප්‍රවේණි

රු800.00

  • Author : සමන් කුමාරතුංග
  • Publisher: Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-473-0
  • 240 Pages

Availability: 1 in stock

Author : සමන් කුමාරතුංග

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-473-0

240 Pages

 

අපේ සංස්කෘතික උරුමය ඇසුරෙහි පවතින ලලිත කලාව පිළිබඳ හැදෑරීම කාලයක පටන් සිදු කෙරී තිබේ. අද වන විට මූලාශ්‍රය වශයෙන් අප විසින් සලකනු ලබන බොහෝ දෑ පැරණි ප්‍රභුවරුන්, පඬිවරුන් එකතු කරන ලද ඒවා ය. සපරගමු නර්තන ප්‍රවේණි එබඳු තවත් සාරගර්භ ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු පර්යේෂණ ග්‍රන්ථයකි.එමෙන් ම සපරගමු නර්තන පරම්පරා පිළිබඳව ප්‍රකාශිත පළමු කෘතිය ද මෙය වේ. එම කෘතිය රචනා කරන ලද්දේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සපරගමු නර්තන අධ්‍යයනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග මහතා ය. මේ තරුණ විද්‍යාර්ථියා මීට පෙර වටිනා කරුණු ඇතුළත් කෘති සහ ශාස්ත්‍රීය ලිපි ගණනාවක් පළ කළේ ය. පර්යේෂණ සැසි වාරවලදී පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන සැටිද බලා සිටියෙමි. ඔහුගේ පර්යේෂණාභිලාශි උද්යෝගය ප්‍රතිඵලදායක ය. මේ පොත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඒ හා උනන්දුවක් දක්වන පාඨකයන්ටත් අනෙකුත් මානව විද්‍යා, සමාජ විද්‍යා, සංස්කෘතික අධ්‍යයන, ආගම, අභිචාර මෙන්ම නාට්‍ය සාහිත්‍යය, ජනශ්‍රැති මෙන්ම සන්නිවේදන ශික්ෂණ ක්ෂේත්‍රයටත්, පොදු පාඨකයාටත් බෙහෙවින් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. මේ පොත රචනා කිරීමට පර්යේෂකයා ලිඛිත, අලිඛිත මූලාශ්‍රය රාශියක් පරිශීලනය කර ඇත. කෘතියේ විචාරශීලි ව්‍යක්ත පරිචයක් ගැබ්ව පවතී. ලේඛකයාගේ අනාගත ජීවිතයට සුබාසිරි පතනෙමි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර  , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

#SaparagamuNarthanaPraveni #SamanKumarathunga #SinhalaPoth #OnlineBooks

 

Weight 0.276 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සපරගමු නර්තන ප්‍රවේණි”

Your email address will not be published. Required fields are marked *