, ,

මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ

රු490.00

  • Author : හර්ෂිකා බණ්ඩාර දසනායක
  • Publisher: Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-466-2
  • 163 Pages

Out of stock

Author : හර්ෂිකා බණ්ඩාර දසනායක

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-466-2

163 Pages

 

මානව ගැටලු විසඳා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගොපදේශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යන ක්ෂේත්‍රයේ ප්‍රාමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුලබ වීම ඊට හේතුව යි. “මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ” නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වීම සම්බන්ධයෙන් ගත් කතුවරියට සියල්ලන්ගේ සුභාශිංසනය හිමි වේ.

වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාවත් සමඟ න්‍යායාත්මක දැනුම සහ උපදේශක ගුණාංගවලින් සමන්විත වෘත්තීය උපදේශකවරුන්ගේ අවශ්‍යතාව දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. මනෝවිද්‍යාවෙහි නවමු විද්‍යාත්මක සොයාගැනීම් ගැඹුරින් අධ්‍යනය කරමින් රචිත මෙම කෘතිය එබඳු වෘත්තිකයන් නිෂ්පාදනය කිරීමට ද ස්වයං අධ්‍යයනයෙහි යෙදෙන ශාස්ත්‍රහිතකාමීනට ද ගැටලු නිරාකරණය කර ගැනීම‌ට වෙර දරන්නවුනට ද කෘතහස්ත ග්‍රන්ථයකි. මනෝවිද්‍යාත්මක ප්‍රවේශ සරළව,ප්‍රායෝගික නිදර්ශන සහිත ව නූතන ලෝකයට හඳුන්වාදීඹ සම්බන්ධයෙන් ද ගත් කතුවරියට සතු පරිචය මැනවින් ප්‍රකට කරන අතර එය බෞද්ධ අධ්‍යනය සහ උපදේශනය සම්බන්ධයෙන් අනාගත ගමන්මගෙහි එක් මග සළකුණක් සනිටුහන් කරන්නකැයි කිව හැකි ය.

පීඨාධිපති , ආචාර්ය උපාලි පන්නිලගේ, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාපීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.

 

නූතන ලොකයෙහි වඩාත් ජනප්‍රිය සහ ඵලදායි විෂයන් අතර මනෝවිද්‍යාව ඉමහත් සමාභාවනාවට පාත්‍ර ව තිබේ. සත්වයාගේ මනස සහ චර්යාව විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීම මෙන් ම මානවයා සතු මානසික සහ ඊට අදාළ කායික ගැටලු නිරාකරණ සඳහා යොමුවීම ද ඊට ප්‍රධාන හේතු වශයෙන් සඳහන් කළ හැකි ය.

රුහුණ විශ්වවිද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධ්‍යන අංශයෙහි සහකාර කථිකාචාර්ය, දර්ශනපති හර්ෂිකා බණ්ඩාර දසනායක විසින් රචිත මනෝවිද්‍යා ප්‍රවේශ නමැති අභිනව ග්‍රන්ථය මනෝවිද්‍යාව, උපදේශනය, අධ්‍යාපනය,දර්ශනය සහ බෞද්ධ අධ්‍යයනය වැනි විෂයන්හි නිරත වන ගුරු සිසු විද්‍යාර්ථින් සැමට ද එම විෂයන්ට අදාළ උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ද ප්‍රාමාණික ග්‍රන්ථයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

රුහුණ විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය පන්ති සාමාර්ථ සහිත ව සමත් මෙහි කතුවරිය මෙම විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද අවසන්කොට එම විශ්වවිද්‍යාලයෙහි ම ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතුවල නිරත ව සිටියි. මනෝවිද්‍යා උපදේශන විෂය පෝෂණය සහ සංවර්ධනය සම්බන්ධයෙන් ගත් කතුවරියට විද්වත් සැමගේ ප්‍රශංසාව හිමිවනු නො අනුමානය.

උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක , රුහුණ විශ්වවිද්‍යාලය , මාතර.

#ManovidyaUpadeshanaPravesha #HarshikaBandaraDasanayake #SinhalaPoth #OnlineBooks

 

Weight 0.246 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශ”

Your email address will not be published. Required fields are marked *