,

රම්මල් පුවත

රු180.00

  • Author: සුමිත් රණසිංහ
  • Publisher : Sooriya Publishers
  • First Edition 2014
  • ISBN 978-955-656-344-3
  • 64 Pages

Availability: 1 in stock

Author: සුමිත් රණසිංහ

Publisher : Sooriya Publishers

First Edition 2014

ISBN 978-955-656-344-3

64 Pages

 

සිංහල රාජවංශයේ අවසන් ජයග්‍රාහී සටනට කටුවන සටනින් උරදුන් විරුවන් පිළිබඳ ඓතිහාසික විවරණයකි.

රම්මල් පියස වනාහි ජනප්‍රවාද හා විශ්වාස සමුදායක් තුළින් ඉතිහාසයට එක් වී ඇති පියසකි. මේ ස්ථානය පළමුවරට ඉතිහාසයේ ලියැවෙනුයේ මහා විජයබාහු දවසේ දි ය. අප රටේ මහා සංස්කෘතිය පෝෂණය කිරීමට තරම් අනේකවිධ උප සංස්කෘතික ගති ලක්ෂණවලින් සාලාකෘත වූ ප්‍රදේශයකි. ආගමික සිරිත් , සම්ප්‍රදායික විශ්වාස ඇතුළත් මානව වංශ විද්‍යාව , මානව විද්‍යාව ,භාෂාව , සාක්ෂරතාව, තාක්ෂණය , කෘෂිකර්මය හා කරුමාන්ත ගත් කල්හි වූව ද ශ්‍රි ලංකාවේ මහා ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට ඉවහල් වූ අනේකවත් උප සංස්කෘතික අංශවලින් රම්මල් අඩවිය සමන්විත ය.

මේ ග්‍රන්ථයේ කතුවරයා වන සුමිත් රණසිංහ මහතාගේ වෘත්තීය පුරාවිද්‍යාව ය. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ සාමාජිකත්වය ලද හේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියෙකි. අප රටේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ගවේෂණාත්මක තොරතුරු සපයන විද්වතෙකි.

පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා විසින් රචිත ‘රම්මල් පුවත’ මගින් රුහුණු ගිරුවාපත්තුවේ අප නොදන්නා අප්‍රකට කරුණු රාශියක් අනාවරණය කර ඇත. ශාස්ත්‍රීය පර්යේෂකයින්ට මූලාශ්‍රය ග්‍රන්ථයකි. මෙවන් කෘති දායාද ශක්තිය තවත් ලැබේවා යන්න අප ගේ ප්‍රාර්ථනාවයි.

ධර්ම ශ්‍රි තිලකවර්ධන

ලක්බිම ප්‍රධන උප කතෘ

#RammalPuwatha #SumithRanasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.088 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රම්මල් පුවත”

Your email address will not be published. Required fields are marked *