, ,

ගනුදෙනුකාර සත්කාරය

රු300.00

  • Author: එම්.ඩබ්. ජිනදාස
  • Publisher : Sooriya Publishers
  • First Edition 2015
  • ISBN 978-955-656-342-9
  • 82 Pages

Availability: 1 in stock

Author: එම්.ඩබ්. ජිනදාස

Publisher : Sooriya Publishers

First Edition 2015

ISBN 978-955-656-342-9

82 Pages

 

අලෙවිකරණය පිළිබඳව ලියැවෙන කෘතීන්හි සාමාන්‍යයෙන් සංකල්ප දෙකක් සම්බන්ධව කරුණු දැක්වේ. ඒ සංකල්ප වන්නේ නිපුණතාව/කුසලතාව (SKILL) හා ලැදියාව (CARE) යි. මෙම සංකල්ප දෙක අතුරින් වැඩි වශයෙන් පොත පත පළ වී ඇත්තේ නිපුණතාව/කුසලතාව පිළිබඳවය. නිපුණතාව/කුසලතාව මෙන්ම වැදගත් එහෙත් වඩාත් සංවේදීයැයි සැලකිය හැකි ලැදියාව නොහොත් ගනුදෙනුකරුට දැක්විය යුතු ලෙන්ගතු කම නැමැති සංකල්පය පිළිබඳව සිංහලෙන් ලියැවී ඇත්තේ අල්ප වශයෙනි.

එනිසා මෙම විෂය පිළිබඳ මෑත යුගයේ ලියැවෙන සිංහල පොත පතෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඉංග්‍රීසි ලේඛකයන්ගේ අදහස් සහ ප්‍රකාශන බව නොරහසකි. නමුත් ජිනදාසයන්ගේ මෙම කුඩා කෘතියෙහි ඉංග්‍රීසි පොත පතට වහල් නොවී ශ්‍රී ලංකාවට ආවේණික වෘතාන්ත හා පෙරදිග සංස්කෘතියෙන් උකහා ගත් මන බඳින උපහැරණ ගෙන හැර දක්වමින් ගනුදෙනුකාර සත්කාරය නැමැති සංකල්පය රස පූර්ණ ලෙස විස්තර කරයි…

……..බැංකු සේවා වෘත්තිය තමාගේ එකම වෘත්තිය බවට සලකා ජීවත් වීමට අදහස් කරන සෑම තරුණ තරුණියක්ම ගනුදෙනුකාර සත්කාරය පිළිබඳව ලියවී ඇති මෙම අගනා ග්‍රන්ථය කියවිය යුතු යයි හඟිමි. මෙබඳු විශේෂ කාර්යයක් ඉටු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් ප්‍රවීණ බැංකුකරුවන් සැම දෙන ජිනදාසයනට කෘතඥවිය යුතු ය.

රවීන්ද්‍ර මොල්ලිගොඩ

නීතීඥ, ලන්ඩන් බැංකුකරුවන්ගේ ආයතනයේ සම්මාන සාමාජික

FCIB (London) LL.B (Colombo) Attorney of Low

 

#GanudenukaraSathkaraya #MWJinadasa #SinhalaPoth #OnlineBooks

Weight 0.109 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගනුදෙනුකාර සත්කාරය”

Your email address will not be published. Required fields are marked *