, ,

101 ක් කමටහන්

රු380.00

  • Author: සංජය නිර්මාල්
  • Publisher: Vishishta Publishers
  • First Edition 2021
  • ISBN 978-955-7587-07-3
  • 130 Pages

Out of stock

Author: සංජය නිර්මාල්

Publisher: Vishishta Publishers

First Edition 2021

ISBN 978-955-7587-07-3

130 Pages

කතාන්දර කියන එක වගේම අහන එකත්, නෛසර්ගික මානව ස්වභාවයක්. මේ පොතේ තියෙනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, සෙන්, චීන, හින්දු, ඉංග්‍රීසි, සූෂි, ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට අයිති වන කතාන්දර 100ක්. සමහර ඒවා පුරාතන කතා, සමහර ඒවා වර්තමාන කතා. මේ සෑම කතාවකම එක සමාන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ හැම කතාවක් ම ආභ්‍යාන්තරික ආධ්‍යාත්මික ගවේෂණයකට මඟ කියනවා.

කොහොමද මේ කතාන්දර කියවන්නේ?

මේ කතාන්දර කියවන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා.

  1. එක කතාවක් කියවන්න. ඊට පස්සේ අනිත් එක කියවන්න. මේ ක්‍රමය ඔබට රසාස්වාදය සපයාවි.
  2. එක කතාන්දරයක් දෙපාරක් කියවන්න. ඒ ගැන හිතන්න. මෙනෙහි කරන්න. එය ඔබගේ ජීවිතයට අදාළ කර බලන්න. එය වඩා ඵලදායක වෙයි. ඒ වගේ ම ඔබට පුළුවන් මේ කතා කණ්ඩායමක් විදියට එකතු වෙලා කියවන්න. ඒ ගැන මෙනෙහි කරන්න. කතා කරන්න. ඔබගේ අදහස් හැඟීම් බෙදාගන්න.
  3. කතාන්දරයක් නැවත කියවන්න.ඉන්පසු ඔබේ ආභ්‍යන්තරික නිහඩතාවය තුළ ඒ කතාන්දරයට එහි යටි අරුත් හා ගැඹුර අනාවරණය කරවන්නට ඉඩහරින්න. වචන හෝ ඔබගේ මෙනෙහි කිරීම්වලට ඔබ්බෙහි වූ යම් සම්බුද්ධික අවදි කිරීමකට ඔබ ගෙනයාමේ අරුමැසි හැකියාවක් මේ කතාන්දරවලට ඇති බව එවිට ඔබට හැඟෙයි.

නැතිනම් එක කතාන්දරයක් දවස පුරා ම ඔබ හා සමඟ රැගෙන යන්න. එහි සුවඳ, රිද්මය සමඟ හුදකලා වන්න, ඔබේ බුද්ධියට නොව හදවතට කතා කරන්නට ඒවාට ඉඩහරින්න. උක්ත සබුද්ධික රම්‍යතාවය තුළ එය ඔබ ගිල්වාලනු ඇත. සංතෘෂ්ටික තෘප්තියක රසය ඔබට දැනෙනු ඇත. සැබැවින් ම මේ කතාන්දරවල සැබෑ අරමුණ එය ම වෙයි.

#101kKamatahan #SanjayaNirmal #SinhalaPoth #OnlineBooks

Weight 0.119 kg

Reviews

There are no reviews yet.

Be the first to review “101 ක් කමටහන්”

Your email address will not be published. Required fields are marked *