Author: ප්‍රණීත් අභයසුන්දර, ප්‍රසාද් ම. ජයවීර, කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න
Publisher: Fast Publishing (pvt) Ltd
First Edition 2021
ISBN 978-624-204-020-2
123 Pages
නූතන සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික හා අධ්‍යාපනික වැනි අනේකවිධ මානයන්ගේ වෙනස් වීම කෙරෙහි බලපා ඇති ඩිජිටල්කරණය පිළිබඳ මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් අමතන මෙම ග්‍රන්ථය උසස් අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි ස්වකීය පර්යේෂණවල නිරත වන විද්‍යාර්ථීන්ට, පාසල් ශිෂ්‍ය ප්‍රජාවට මෙන් ම පොදු පාඨක පර්ෂදයට ද එක සේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙස සඳහන් කළ හැකි ය.
සම්පත් අමරතුංග, සභාපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
විසි එක්වන සියවසේ ජීවත් වන මිනිසාගේ අන්තර් සම්බන්ධතා, ක්‍රියාකාරකම්, හැසිරීම යනාදිය ඩිජිටල් තාක්ෂණයේ දැඩි බලපෑමට නතු වී ඇති අතර එමඟින් විවිධ ඩිජිටල් ප්‍රජාවන් පවා බිහි වී ඇත. මෙම තාක්ෂණික මෙවලම් මානව වර්ගයාගේ අභිවෘද්ධිය හා ප්‍රගමනය උදෙසා යොදාගැනීම තුළ පවතින සමාජයීය විද්‍යාත්මක වටිනාකම විද්‍යමාන කරනු වස් රචිත මෙම කෘතිය යුගයේ පැහැදිලි අවශ්‍යතාවයකි. එය මානව විද්‍යා ක්ෂේත්‍රයට නව මානයක්, දිශානතියක් හා ගම්‍යතාවයක් එක් කර ඇත.
රංජිත් සේනාරත්න, සභාපති සහ මහාචාර්ය / ජාතික විද්‍යා පදනම
මානව විද්‍යාවේ නව්‍ය විෂය ක්ෂේත්‍රයක් වන ඩිජිටල් මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය වපසරියකින් විවරණය කිරීමට ගත් ප්‍රයත්නයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකි ය. මානව විද්‍යාව වැනි පුළුල් විෂය ධාරාවක් තුළින් නැගී එන මෙම නව්‍ය විෂය ක්ෂේත්‍රය පිළිබඳ නූතන සමාජයේ පැතිකඩයන් ද උදාහරණයට ගනිමින් ලාංකේය පාඨක පර්ෂදයට ගෙන හැර දැක්වීමට සමත්කම් දක්වා ඇති මෙකී ග්‍රන්ථය සමාජයීය විද්‍යා පර්යේෂණ මානයන් නවමු දිශාවන්ට යොමු කරනු ඇතැයි විශ්වාස කරමි.
චාමලී නහල්ලගේ, අධ්‍යයනාංශ ප්‍රධානි සහ මහාචාර්ය , මානව විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
#DigitalManavaVidyaPraveshaya #PraneethAbhayasundara&PrasadMJayaweera&KanishkaMahendraVijayarathna #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.