Author: සචී පනාවල
THE VIOLIN OF AUSCHWITZ (by Maria Anjels Anglada) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Sayura Publications
First Edition 2021
ISBN 978-955-4788-81-7
450 Pages
කඳවුරේ ගෙවුණු මුල් සති කිහිපයේ දී මුරකරුවා නිරතුරුවම දනියෙල්ට ගුටිබැට දුන් නමුත්, දැන් ඔහුට ඔහුගේ පාඩුවේ තනිවම ඉන්නට ඉඩ හැරියේ ය. මුරකරුවා ඔහුට නින්දා අපහාස කිරීම පවා නවතා ඇත. නිහඬව වැඩෙහි යෙදෙන, වැසිකිළිය පාවිච්චි කිරීමට කලාතුරකින් අවසර ඉල්ලන, කරදර ඇති නොකරන, අනෙක් වඩුවන් හා කතාබහට නොයන වයලීන තනන්නා ගැන ඔහු පැහැදීමට පත්ව සිටි බවක් පෙනිණි. එසේ තිබියදීත් උවමනාවට වඩා වාසනාව උරගා බලන්නට යාම ඇඟට ගුණ නැත. වැඩ කරන බව පෙන්වීම සඳහා වයලීනයේ උඩු කොටස මත අත තැබීමට දනියෙල් තීරණය කළ ද, ඊට කිසි බරක් නොදීමට ඔහු ප්‍රවේසම් විය. තමා ම තැනූ ස්ටූලයේ වාඩි වූ ඔහු වයලීනය අල්ලාගෙන සිටීම අත්‍යවශ්‍ය බව පෙනෙන පරිදි හැසිරුණේ ය.
#AuschwitzVayaleenaya #SacheePanavala #SinhalaParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.