, , ,

ජාතක කතා විමසුම

රු350.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • First Edition 1968
  • ISBN : 978-955-0201-77-8
  • 168 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

First Edition 1968

ISBN : 978-955-0201-77-8

168 Pages

ජාතක කතා ජනකතා නොවේ. ඇතැම් පච්චුප්පන්න වස්තු බුදුන්ගේ හා යතිවරයන්ගේ අත්දැකීම් ඇසුරෙන් රචිත නියම යථාර්ථක කථා ය. පුනරුක්තයන් බැහැර කරනු ලැබු විට ඒ කතා ඇන්ටන් වැකෝජගේ කතා වලට ළං වෙයි. අතීත වස්තු ජනකතා ඇසුරෙන් බෞද්ධ යතිවරයන් විසින් නිපදවන ලද ස්වාධීන කථා ය. ඒ ඒ ජන්මයෙන් උපන් බෝධිසත්වයන්ගේ චරිතය ගුරුකොට ගැනීම නිසා ඒ කථාවල චරිත පුද්ගල චරිත ලෙස නිරූපණය වෙයි.      බටහිර නවකථා පොදු ජනයාගේ පුද්ගල චරිත නිරූපණය කෙරෙන රචනා විශේෂයක් ලෙස වෙනස් වූයේ දහඅට වන සියවසෙහි ය. වික්‍රමසිංහ ජාතක කථා තුලනාත්මක විමසුමට හසු කරයි. ඇතැම් කථා සන්දර්භය, වර්ණනා රීතිය හා යථාර්ථ රූපය ද විසින් වර්තමාන බටහිර කථාවලට සමාන වන තැන් ද ඔහු පෙන්වයි.

පිට කවරයේ සිතුවම

මේ පිට කවරයේ මුල් පිටුවේ වටකුරු සිත්තම භාර්හුත් ස්තූපය වටා පිහිටි ගල් වැටෙහි කැටයමක් දැක්වෙන්නකි. ඒ ස්තූපය ඇතුළු ගල්වැට කිතුවසින් දෙසියකට පෙර කරවන ලද්දකි.

සිත්තමෙන් නිරූපණය වන්නේ රුරු මිග ජාතකයයි. බුදු සමයට පෙර ඉන්දියාවෙහි ජන කලාවෙහිත් බෞද්ධ දර්ශනය නිසා උපන් යථාර්ථක කථා කලාවෙහින් සංයෝගයෙන් උපන් ප්‍රතිමා කලාවකි එයින් හෙළිවන්නේ.

ලංකාවේ සිත්තරුන්ගේ බිතු සිතුවම්වල ද මේ බෞද්ධ ජන කලා රිතියෙහි අංග දක්නා ලැබේ. ඒ අංගයන්ගේ සමානත්වයට හේතුව ජනකලා ශිල්පීන්ගේ සිත් සතන්, කල්පනාව,හා පරිසරය ද යන තුනෙහි සමානත්වයයි. හැම රටවල සිත්තම්වල හා ජන කලාවන්ගේ ද සමානත්වයක් ඇත. භාර්හුත් ජන ශිල්පියා ජාතක කතා විසින් භික්මුණෙකි. සිංහල සිත්තරා ජාතක කතා හා බෞද්ධ සංස්කෘතිය ද විසින් හික්මුණෙකි.

මුවා දියෙහි ගිලී මැරෙන්ට ගිය මිනිසා ගලවා ගනියි. ඔහුම ඒ රන්වන් මුවා විඳ මරනු පිණිස රජුට හඳුන්වා දෙයි. මුවා, අසත්පුරුෂයා පිළිබඳ පුවත රජුට කියයි. දුනු ගී ඉවත දමන රජ එය අසා අසත්පුරුෂයාට දඬුවම් කරන්ට යයි. මුව ඔහුට අභය දෙවයි.

#JathakaKathaVimasuma #MartinWickramasinghe #SinhalaPoth

Weight 0.232 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජාතක කතා විමසුම”

Your email address will not be published. Required fields are marked *