, ,

කදිම පාසලේ හොඳම නිළිය

රු380.00

  • Author: කුමාර සිරිවර්ධන
  • The Second Form at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1141-2
  • 183 Pages

Availability: 1 in stock

Author: කුමාර සිරිවර්ධන

The Second Form at St Clare’s  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1141-2

183 Pages

 

“රඟපෑමේත්, වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි. කදිම පාසල් පන්ති නායිකාවක වීමට එල්සී සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක ළමයින්ගේ හපන්කම්, මෝඩකම් අතරේ ඕ’ සලිවන් නිවුන් සොහොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයකට ද…?”

කදිම පාසල පොත් පෙළේ සිවුවැන්න ඔබ අතට පත් වී තිබේ. පැට් හා ඉසබෙල් ඕ’ සලිවන් නිවුන් සොයුරියන්ගේ පන්තියට අලුතින් ආ ළමයින් දෙදෙනෙකි. එක් ගැහැනු ළමයෙක් නිතරම සිටියේ සිනහව නාඳුනනසේ බුම්මාගෙනය. අනෙක් ළමයා නිතරම කීවේ වාරය මැදදී පාසල අතහැර ආපසු නිවසට යනවා කියාය. එහෙත් කදිම පාසලේ ගුණ යහපත් ළමයි බුම්මාගෙන සිටි ළමයා වෙත ප්‍රීතිය ගෙනැවිත් දුන්හ. දෙදෙනාගේම දක්ෂතා අනාවරණය කරගෙන ඔවුනට ප්‍රශංසාවත් ආදරයත් ලබාදුන්හ.

කදිම පාසල පොත් පෙළට පාදක වන ඉනිඩ් බ්ලයිටන්ගේ St.  Clares පොත් පෙළ එම ලේඛිකාව සේම ලොව පුරා ජනප්‍රිය වූවකි. ගුණගරුක සත්‍යයම අගයන වගකීම උසුලන දරුවන් ගැන මෙම පොත් පෙළෙන් විස්තර වෙයි.

විසිවැනි සියවසේ ලොව විසූ විශිෂ්ටතම ළමා කතා රචිකාව ලෙස ඉනිඩ් බ්ලයිටන් සැලකුම් ලබයි. ඇය සිය ජීවිත කාලය ඇතුළත ලියා ඇති පොත් ගණන හයසීයයකට වඩා වැඩිය. ඒ හැර ඇය ළමා ගී, ළමා කවි හා ළමා නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා කර තිබේ. 1987 අගෝස්තු 11 දා ලන්ඩන් නුවර ඉපිද 1968 වසරේ දී මෙලොව හැරගිය ඉනිඩ් දිනකට වචන දස දහසක් පමණ ලියූ බව අන්තර්ජාලයේ සඳහන් වෙයි. ඇය ලොව විසූ වේගයෙන්ම ලියූ ලේඛිකාවක් ලෙසද සැලකුම් ලබන්නීය.

සිය පොත්වලදී ඉනිඩ් ළමයින්ගේ යහපත් චර්යා රටා පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව පෙනීයයි. ඇය එම යහපත් චර්යා රටා පිළිබඳ තම කතා හරහා ළමයින්ට අවවාද දෙන්නේ නැත. එම චර්යා රටා ඇය ඇගේ ළමා වීර චරිතවලට බද්ධ කරවයි.

#KadimaPasaleHondamaNiliya #KumaraSiriwardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.221 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කදිම පාසලේ හොඳම නිළිය”

Your email address will not be published. Required fields are marked *