, , ,

මහ කනදරාව යෝධ දළයා හා රජරට වනගත කතා

රු350.00

  • At the foot of a Giant Tusker (by A.M.Hettiarachchi ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Author : කැමිලස් වනිගසූරිය 
  • Publisher : Sooriya Publishers
  • Second Edition 2016  
  • ISBN 978-955-8892-89-0  
  • 125 Pages

Availability: 1 in stock

At the foot of a Giant Tusker (by A.M.Hettiarachchi ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publishers

Second Edition 2016  

ISBN 978-955-8892-89-0  

125 Pages

දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ තිරිකුණාමලය වරායේ නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ඒ.එම්. හෙට්ටිආරච්චි මහතා සිය ළමා කාලය වැඩි වශයෙන්ම ගත කර ඇත්තේ උතුරු මැද පළාතේ වනගත ප්‍රදේශවල ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ තම පියාණන් 1930 දශකයේ පටන් ම උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දුෂ්කර වනාන්තරබද ප්‍රදේශයන්හි රාජකාරි කටයුතුවල නිරත වූයෙන් ශිෂ්‍ය හෙට්ටිආරච්චි තරුණයාගේ පාසල් නිවාඩු කාලය ද ගෙවී ගියේ පියාණන් සමඟ ම එතුමාගේ රාජකාරි නිල නිවෙස්වල ය. එහිදී වනසැරිය හා දඩයම ඔහුගේ එක ම විනෝදාංශය විය. එමඟින් වනාන්තරය හා වනසතුන් පිළිබඳ ලැබූ අත්දැකීම් නිසා ම ඔහු සැබෑ වනලෝලියකු බවට පත්විය. ඔහුගේ පසුකාලීන ජීවිතය වනාන්තරය හා බද්ධවීමට එය සෘජු ව බලපෑවේය.

ළමා කාලයේ පටන් ම උතුරු මැද පළාතේ ගන වනාන්තරවල කරක් ගැසූ ඔහු වනගත අසරණ ගැමියන් ඇසුරු කරමින් ද, ඔවුනට පිහිට වෙමින් ද, දුක සැප සම ව බෙදා හදා ගනිමින් ද, හේනේ පැලේ රුක් වදුලේ ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කාලය ගත කළේ ය. සමාජ අසාධාරණයන් මැද දුකසේ දිවි ගෙවූ ඒ අසරණ ගැමියන්ගේ දුක්වේදනා පිළිබඳ ව තමා ලත් අත්දැකීම් ඉතා සංවේදී ලෙසින් රට හමුවේ තැබීමට ඒ.එම්. හෙට්ටිආරච්චි මහතා සමත් වූයේ ඒ නිසා ය. එතුමාගේ බුද්ධිය, විශ්ව ඥානය, පාරිසරික රසඥතාව, අවබෝධය, එඩිතර පෞරුෂත්වය හා නිර්ව්‍යාජ මිනිස්කම තේරුම් ගැනීමට ඔහුගේ මෙම ග්‍රන්ථය කදිම උදාහරණයකි. 

#MahakanadarawaYodhaDalaya #AMHettiarachchi #SinhalaPoth # SobaDahama 

Weight 0.172 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහ කනදරාව යෝධ දළයා හා රජරට වනගත කතා”

Your email address will not be published. Required fields are marked *