Sale!
,

ලෝක ප්‍රසිද්ධ චරිත කතා එකතුව – 3

Original price was: රු1,675.00.Current price is: රු1,509.00.

  • ලී ක්වාන් යූ + ආචාර්ය අබ්දුල් කලාම් ධර්ම්ෂ්ඨ පාලනය + මැරුවත් මැරුණේ නැති ෆිදෙල් කස්ත්‍රෝ + ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව
  • සාමාන්‍ය මිල – රු. 1675/=
  • අපේ මිල – රු. 1509/=

Out of stock

ලී ක්වාන් යූ + ආචාර්ය අබ්දුල් කලාම් ධර්ම්ෂ්ඨ පාලනය + මැරුවත් මැරුණේ නැති ෆිදෙල් කස්ත්‍රෝ + ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව

සාමාන්‍ය මිල – රු. 1675/=

අපේ මිල – රු. 1509/=

ආසියාව හා ලෝක දේශපාලනය ලී ක්වාන් යූ අන්තර් දැක්ම

Author – දයාරත්න රුබෙරු

LEE KUAN YEW The Grand Master’s Insight on China ,United  States & The World මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්

First Edition 2019

ISBN 978-955-677-906-6

205 Pages

ලී ක්වාන් යූගේ අන්තර් දෘෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිපත් කළෙමු. සෑම පිටුවකම ඇති සෑම වචනයක්ම කියවීමට අඟනා වටිනාකමකින් යුත් අදහස් බැව් මේ පොත කියවන පාඨකයාට අවබෝධ කර ගත හැකි ය. මෙය කඩිනමින් කියවා අහවර කිරීමට අදහස් කරන පාඨකයකු වෙත් නම් ඔහු මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් මේ පොත කියවීම සඳහා මිඩංගු කරන බව අපට සැකයක් නොමැත. ලී ක්වාන් යූ මෙහිලා හෙලි කර තිබෙන මත හා ප්‍රකාශ පිළිබඳව නැවතී යළිත් සිතන්නට ඔහුගේ වචන විසින් පාඨකයා පොළඹවනු ලබන නිසා ය. විස්මය දනවන, මනස කළඹන එම වදන් මඟින් අනිවාර්යෙන්ම පාඨකයාගේ බුද්ධිය පුබුදුවන බව ද සැබෑවක් වන නිසා ය. 

ලී ක්වාන් යූ ට සවන්දීමට හා වෙළුම් ගණනාවකින් යුත් ඔහුගේ ලිපිලේඛන , සම්මුඛ සාකච්ඡා සහ දේශනා කියවීමට හා ශ්‍රවණය කිරිමට ලැබුණු අවස්ථාව බෙහෙවින්ම පරිපූර්ණ හා ඵලදායක විය. එහි ගැඹුර හා රසය විඳ ගැනීමට පාඨක සහෘදයන්ට අවස්ථාව ලබා දීමට අප සමත් වී ඇත්නම් , අපගේ මහන්සිය හා ප්‍රයත්නය  අතිශයින් සාර්ථක බව අපගේ විශ්වාසයයි.  

#AsiyawahalokaDeshapalanayaLEEKUANYEWAntharDekma #JayarathnaRubeiru #SinhalaPoth #SinhalaPariwarthana #Charithapadana

ධර්මිෂ්ඨ පාලනය

Author – ජයරත්න රුබේරු

Governance for Growth (by A.P.J. ABDUL KALAM) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

First Edition 2018

ISBN 978-955-677-822-9

182 Pages

ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස ලෝකයේ ම බුහුමන් ලබන ආචාර්ය අබ්දුල් කලාම් අපේ කාලයේ පහළ වූ සැබෑ මුනිවරයෙකි. ඔහුගේ දර්ශනය සංවර්ධිත අනාගතයක් කරා වත්මන් මිනිසාට යහදැක්මකි. මෙතෙක් කලක් ඒ දියුණු යහදැක්ම තිබුණේ සිංහල පාඨක සහෘදයාගෙන් වසන්ව ය.

කෘතහස්ත ලේඛකයකු, ප්‍රවීණ සංස්කාරකවරයකු සහ මනා භාෂා නිපුණත්වයෙන් යුතු පරිවර්තකයෙකු ද වන ශාස්ත්‍රවේදී රුබේරු මහතා ඒ වටිනා අදහස් මිණිඅහුර සිංහල බසින් මනාව ඔප දමා මුල් රසය අර්ථය එලෙස ම පිළිරැව් නැංවෙන අයුරින් පිළිගන්වන්නට ඉදිරිපත් ව සිටී.

රුබේරු මහතාගේ මෙම නව පරිවර්තනය කලාම්ගේ රසවත් කෘති කිහිපයක් අතරින් වත්මන් කාලයේ තාලයට ගැළපෙන මනා අර්ථයකින් යුතු තෝරා ගැනීමකි. මෙයට පෙර ඔහු ආචාර්ය අබ්දුල් කලාම්ගේ වටිනා අදහස් ඇතුළත් Turning points: “ ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ” ලෙස සහ Ignited Minds : “ දිදුලන මනස” ලෙස සිංහලයට නැඟූ අතර, ඒවා ජනකාන්ත පාඨක ප්‍රසාදයක් හිමිකර ගත්තේ ය. ජනහද දිනූ සෝවියට් දේශය සඟරාවේ සංස්කාරක ලෙස කලක් කටයුතු කළ ඔහු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පරිපාලන තනතුරු හෙබ වූ භාෂා කිහිපයක් ප්‍රගුණ කළ ගුරුවරයෙකි.ඔහු අලුතෙන් පරිවර්තනය කර ඇති ආචාර්ය කලාම්ගේ Governance for Growth in India ඉන්දියානු භූමිය මතු නොව ආසියා කලාපයේ ම නව සංවර්ධනය උදෙසා නිවැරදි ධර්මිෂ්ඨ පාලනයක ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනික රහස් රැසක් අනාවරණය කර දෙන සෑම තරාතිරමකට අයත් පොදු පාඨක ජනයාගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කරනා එළැඹුමකි.

#Dharmishtapalanaya #Jayarathnaruberu #SinhalaPoth #SinhalaPariwarthana #Charithapadana

ඔස්කා වයිල්ඩ් ජීවිත කථාව (නවකථාවක් සේ කියවිය හැකි චරිතාපදානය)

Author – සෝමපාල මල්ලවආරච්චි

The Life of Oskar Wilde  මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – සුසර ප්‍රකාශකයෝ

First Edition 2019 

ISBN 978-955-33-1119-1

435 Pages

The Life of Oskar Wilde by Hesketh Pearson හෙස්කත් පියර්සන් එංගලන්තයේ වෝර්සෙස්ටර්ෂයර් ප්‍රදේශයේ ඉපිද බෙඩ්ෆෝඩ් නගරයේ රජයේ පාසලක අධ්‍යාපනය ලැබී ය.  පාසල් අධ්‍යාපනය නිම කොට කෙටි කාලයක් එම නගරයේම ජීවත් වූ  ඔහුගේ සිත ඇඳී ගියේ රංගන කලාව කෙරෙහි ය. ප්‍රථම ලෝක සංග්‍රාමය අවධියෙහි (1914-19) රජයේ ස්වේච්ඡා භට හමුදාවට බැඳී වසර තුනක් මෙසපොතේමියාව සහ පර්සියාව යන විදේශයන්හි හමුදා භටයෙකු ලෙස සේවය ඉටු කරමින් හමුදා කපිතාන්වරයෙකු ලෙසට උසස්විම් ද ලැබී ය. 1931 දක්වා යළිත් වේදිකා රංගනවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු චරිතාපදාන කෘති රචකයෙකු ලෙස සේවය කිරීම සඳහාම නළු දිවියට ද ආයුබෝවන් කියා ඇත. මෙම කෘතියට අමතරව පියර්සන් තම අතීත ඥාතිවරයෙකුව සිටි ඉරෑස්මස් ඩාර්වින් චරිතාපදාන කෘතිය මෙන්ම , මහා කවි ෂේක්ස්පියර්, ජෝන් නිකල්සන් , සිඩිනි ස්මිත්, ජොර්ජ් බර්නාර්ඩ් ෂෝ, වෝල්ටර් ස්කොට් , චාල්ස් ඩිකන්ස් ජොන්සන් සහ බොස්වෙල් ආදී ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්ගේ චරිතාපදාන කථා ද ඉතා සාර්ථක අයුරින් ලියා පළ කර ඇත. එංගලන්තයේ මෙන්ම ඇමෙරිකාවේ ද එම පොත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඇතැම් කෘතීන් ප්‍රංශ , ජර්මන්, ස්වීඩන් සහ ස්පාඤ්ඤ භාෂා වලට ද පරිවර්තනය වී තිබේ.

#OskarWildeJiwithaKathawa #SomapalaMallawaarachchi #SinhalaPoth #SinhalaPariwarthana

මැරුවත් මැරුණේ නැති ෆිදෙල් කස්ත්‍රෝ

Author – ගාමිණී සමරසිංහ ගුණසේකර

Fidel Castro (by Heinemann Profiles) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sunera Publishers

Second Batch 2015

ISBN 978-955-0079-18-6

96 Pages

ෆිදෙල් කස්ත්‍රෝ ගැන බොහෝ පොත පත ලියැවී තිබේ.එහෙත් ඔබ කියන්නට යන  මේ පොත ෆිදෙල් කස්ත්‍රෝ චරිතය ගැන ලියැවුණු සුවිශේෂී පොතකි. මේ පොතට පාදක වු සමහර පොත් ෆිදෙල් කස්ත්‍රෝගේ පරම හතුරු ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශන සමාගම් විසින් පලකරණ ලද ඒවාය එනිසා මෙම පොත ෆිදෙල් පිළිබඳව අතිශෝක්ති වර්ණනාවෙන් තොර සමබර පුවත්වලින් සංයුක්ත වූ පොතකි.කියවා බලන්න.ඔහුගැන ඔබේ ආදරය බිඳකිවත් අඩුවේදැයි බලන්න.

#MaruwathMarennathiFidelCastro #GaminiSamarasingheGunasekara #SinhalaPoth #Charithapadana

Weight 1.198 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝක ප්‍රසිද්ධ චරිත කතා එකතුව – 3”

Your email address will not be published. Required fields are marked *