Sale!

මායා රට ඉතිහාසය + ඩේවි දුටු ලංකාව + ලංකා කථාව

රු1,463.00

  • මායා රට ඉතිහාසය + ඩේවි දුටු ලංකාව + ලංකා කථාව
  • සාමාන්‍ය මිල – රු. 1540/=
  • අපේ මිල – රු.1463 /=

Out of stock

Category:

මායා රට ඉතිහාසය + ඩේවි දුටු ලංකාව + ලංකා කථාව

සාමාන්‍ය මිල – රු. 1540/=

අපේ මිල – රු.1463 /=

 

මායා රට ඉතිහාසය

Author : සිරිමල් රණවැල්ල

Publisher : Visidunu Publisher 

First Edition 2016

ISBN 978-955-0955-29-9

161 Pages

“මෙ තෙක් අපේ ඉතිහාසඥයන් සියල්ලන් ගේ ම පාහේ අවධානය යොමු වී ඇත්තේ අනුරාධපුර රාජධානිය හා පොළොන්නරු රාජධානියේ ඉතිහාසය නැත හොත් රජ රට ඉතිහාසය කෙරෙහි ය. වර්ෂ 2003 දී මා විසින් රෝහණ රාජ්‍යයේ ඉතිහාසය එළි දක්වන තුරු කිසිවකු හෝ ඒ රාජධානියේ ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කොට නො තිබිණි. එ මෙන් ම ආරම්භයේ දී උපරජකු විසින් ද පසු ව මහාදිපාදවරයකු විසින් ද පාලනය කරනු ලැබූ දක්ඛිණ දේශයේ හෙවත් මායා රට ඉතිහාසය අලළා ලියැවුණු පර්යේෂණාත්මක කෘතියක් මෙ තෙක් බිහිවී නැති අතර ළඟ දිනක දී හෝ අපේ කිසි ම ඉතිහාසඥයකු ගේ අවධානය යොමුවෙතැ යි ද බලාපොරොත්තු විය නො හැකි ය. අපේ මේ ව්‍යායාමය ඒ ඌනතාව පිරවීම සඳහා ය.”

#MayaRataIthihasaya #SirimalRanawella #SinhalaPoth #SriLankaweIthihasaya

ඩේවි දුටු ලංකාව

Author : ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න

Publisher : Visidunu (Pvt)Ltd Publisher 

Sixth Batch 2017

ISBN 955-9170-47-3

469 Pages

අවිචාරක හැඟීම් පසෙක ලා, බොරු මනස්ගාතවලට කන් නො දී, මෙ තෙක් පහත් ලෙස සිතාගත්, ඇත්ත වශයෙන් ම බොහෝ විට අවඥා කරන ලද ජාතියක් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට යත්න දැරීමි…..

-ජෝන් ඩේවි,                                                                                                                                                                                               මුල් කෘතියේ ප්‍රස්තාවනාව (1821)

සිංහලේ පළාත් පිළිබඳ ඔහු ගේ විස්තරය, ඔහු විසින් 1818 මහ කැරැල්ලට ඉතා ආසන්න පෙර හා පසු කාලයේ රැස් කරන ලද කරුණු පදනම් කොට සංගෘහිත යි. ලබාගත හැකි හැම කරුණක් ම ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔහු නොමඳ වෙහෙස දරා ඇති බව පැහැදිලි ය. එ සේ ම ඒ කාලයේ සිරිත පරිදි, ළඟ දී යා කරගත් උඩරට ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉංග්‍රීසි පාඨකයාට දීමට අවංක උත්සාහයක් දැරූ බව ද පැහැදිලි ය. …

-මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද,                                                                                                                                                    හැඳින්වීම (1966).

ඩේව් ගේ කුතුහලය විසින් දිවයිනේ අභ්‍යන්තර පළාත් පුරා, සමනළ කඳු මුදුනට, මහනුවරට, තිරිකුණාමලයට, කතරගමට හා කුරුණෑගලට සහ තවත් බොහෝ පෙදෙස්වලට ඔහු ගෙන යනු ලැබිණි. 1818 යුද කෝලාහල හා ගිනි තැබීම් ගම්දනවුවල ඇති කළ වෙනස්කම් පිළිබඳ ඔහු ගේ දැනිම, ඔහු ගේ කෘතිය සමකාලීන හා පසුකාලීන සංචාර කෘතිවලට වඩා බොහෝ වෙනස් ස්වරූපයක් ගන්වයි. …                                                                                                                            නිවැරැදි බව බලවත් බව හා ව්‍යාකූල කරගැනීම පමණටත් වඩා පහසු ව තිබිය දී ඩේවි එ සේ කිරීම ප්‍රතික්ෂේප කිරීම ඵෙතිහාසික සිද්ධීන් ගේ වාර්තාවක් ලෙස ඔහු ගේ කෘතියේ අගය වැඩි වීමට හේතු වේ. 

-මහාචාර්ය යැස්මින් ගුණරත්න,                                                                                                                                                                                    ඉංග්‍රීසි කෘතියේ තිසර මුද්‍රණයට ලියූ හැඳින්වීමෙනි.

#DewDutuLankawa #AllepolahMSomarathna #SinhalaPoth #SriLankaweIthihasaya

 

ලංකා කථාව

Author : සයිමන් ද සිල්වා 

Publisher : Visidunu Publisher

Third Batch 2016

ISBN 955-9170-44-9

233 Pages

අපේ ඉතිහාසය පිළිබඳ කිසියම් කරුණක්, විස්තරයක්, දින දාතමක් දැනගැනීමට අවශ්‍ය වන හැම විටක ම මා සොයා යන්නේ ‘ ලංකා කථාව ’ නමැති මේ ඉතිහාසය පොත යි. මහා ශාස්ත්‍රීය ඉතිහාස ග්‍රන්ථවල ඇති වැල්වටාරම් අතර අතරමං නො වී මා සොයන දෙය දැකගැනීමට මේ සරල ඉතිහාස පොත මහෝපකාරී වී ඇත. හැදෙන වැඩෙන බාල පරපුරට සිය රටේ ඉතිහාසය දැනගැනීමට ඇති ලෙහෙසි ම මඟ මේ ‘ ලංකා කථාව ’ බව මගේ වැටහීම යි. 

                                  ගුණදාස අමරසේකර 

#Lankakathawa #SaymonDeSilva #SinhalaPoth #SriLankaweIthihasaya 

Weight 1.089 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මායා රට ඉතිහාසය + ඩේවි දුටු ලංකාව + ලංකා කථාව”

Your email address will not be published. Required fields are marked *