Sale!
, , , , ,

මැකී යන වන පෙත් + ඉන්දියානු වනදිවිය + අවසාන කුංචනාදය

රු1,615.00

  • මැකී යන වන පෙත් + ඉන්දියානු වනදිවිය + අවසාන කුංචනාදය
  • සාමාන්‍ය මිල – රු.1700 /=
  • අපේ මිල – රු.  1615/=

Availability: 1 in stock

මැකී යන වන පෙත් + ඉන්දියානු වනදිවිය + අවසාන කුංචනාදය

සාමාන්‍ය මිල – රු.1700 /=

අපේ මිල – රු. 1615/=

 

 

මැකී යන වන පෙත් 

Author : ඩග්ලස් බී. රණසිංහ 

Publisher : Sooriya Publisher

Third Batch 2017

ISBN : 978-955-656-435-8

158 Pages

මීට වසර ගණනකට පෙර මිනිස් ඇසට අසු නොවී මිනිස් පහසක් හෝ මිනිස් කටහඬක් නොඇසූ හුදකලා මහ වනය අද ලක් පොළොවෙන් මැකී ගොස් ඇත. ඉතිරි වී ඇති වන පෙත් දැවැන්ත සංවර්ධන ව්‍යාපාරවලට අවශ්‍ය ජලය රඳවා ගැනීම සඳහාත්, අප හුස්ම ගන්නා පිරිසිදු වාතය බිහිකර ගැනීම සඳහාත්, රටේ සෞන්දර්යය රැක ගැනීම සඳහාත්, විශේෂයෙන් මානසික සහනයක් ලබා ගැනීම සඳහාත්, අපට ඉතා අවශ්‍ය වේ.

නූතන ජීවිතයෙහි අමිහිරි දර්ශන හා ශබ්දවලින් මොහොතකට හෝ මිදිය හැකි, සියොතුන් ගේ මධුර ශීතවලින් පිරී වන උයන, ශීත මද පවන හමා යන වනගත කඳුකර හා උදාර අතීතයක ශ්‍රී විභූතිය විදහා පාන පැරණි නටබුන් සඟවා සිටින, පැරණි වනගහන කිහිපයකුත් සුරැකිව තිබීම අපගේ වාසනාවකි. ඉතිරි වී ඇති මෙමවන පෙත් හා සුන්දර ස්ථාන අප්‍රමාදව සුරැකීමට අපගේ තරුණ පිරිස් උනන්දු කරවීම මෙම පොතෙහි අරමුණු වේ.

#MakiYanaWanaPeth #DaglasBRanasinghe #SinhalaPoth #WanaDiwiya

 

ඉන්දියානු වනදිවිය

Author: ආනන්ද එස්. ලෙවන්ගම 

The Wild Life of India (by E.P. Gee) මෙම කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publisher 

First Edition 2018 

ISBN 978-955-656-465-5

248 Pages

ඉන්දියාවේ ශේෂව පවතින වන සත්ව සම්පත මුළුමණින්ම වඳවී වැළැක්වීම සඳහා අවධානය යොමු කරවීම මෙම පොතේ පරමාර්ථය වන බව කතුවරයාගේ අදහසයි. කතුවර ඊ.පී.ජී මහතා උපතින් ඉන්දියානුවකු නොවූවද, වන සත්ත්ව ඡායාරූපකරණයේ රුසියකු සහ පක්ෂීන් සහ වෙනත් සතුන් පිළිබඳව ගවේෂණය ගැඹුරින් සිදුකළ කීපදෙනාගෙන් එක් අයෙකි. 

අමුතු පැහැයක් ගත් වානර විශේෂයක් පිළිබඳව ලැබුණු තොරතුරු මත ගවේෂණ චාරිකාවක් සංවිධානය කළ ඔහුට ඇසෑමය සහ භූතානය වෙන්කරන දේශසීමාව අසල පිහිටි සංකෝෂ්  ගං ඉවුර අසලදී මෙම වඳුරන් හමු වී තිබේ රන්වන් ලොම් සහිත මෙම වඳුරු විශේෂය පිළිබඳව මීට කලින් ලොවට හෙළි වී නොතිබුණ අතර, ජීග මහතාට ගරු කිරීමක් වශයෙන් මෙම නව වානර විශේෂ “ ප්‍රෙස්බයිට්ස් ජීස් ‘ යනුවෙන් නම් කැරිණි.

The Wild Life of India කෘතිය සිංහලට නඟන ලද්දේ, ජිම් කෝබට්, කෙනත් ඇන්ඩර්සන් වැනි ලේඛකයන්ගේ අගනා කෘති රැසක් සිංහල පාඨකයා වෙත දායාද කළ ආනන්ද එස්ග ලෙවන්ගම සූරීන් විසිනි.

#IndiyanuWanadiwiya #AnandaSLewangama #SinhalaPoth #SinhalaPariwarthana

අවසාන කුංචනාදය

Author : වෛද්‍ය නන්දන අතපත්තු 

Publisher : Susara Publisher 

First Edition 2018 

ISBN 978-955-33-0897-9

259 Pages

වනාන්තරයේ හුදෙකලා බිමක දී තරුණ පිරිමි හස්තියෙකු සහ ගැහැනු සත්වයෙකු අතර ඇතිවන ප්‍රේමාන්විත හැසිරීම වෙනත් ක්ෂීරපායි සත්ව විශේෂයන් අතර දැකිය නොහැකි තරම් එකකි. විශේෂයෙන්ම මල්වර වියට පත් වී සරුමද තත්වයේ පසුවන ඇතින්නකගේ ඉව සොයා පැමිණෙන තරුණ පිරිමි හස්තියා තරම් හොඳ පෙම්වතෙකු සත්ව ලෝකයේ තවත් නැති තරම් ය. එසේ එකතුවන ඔවුහු එක්ව වනයේ සැරිසරති. එක්ව ආහාර සොයති. දියෙහි ලගිමින් දාහය නිවා ගනිති. සිය සිරුරු ස්පර්ශයෙන් අනුරාගි සිත් අවදි කර ගනිති. තවද එය දිනක් දෙකක් තුළ සිදු වී අවසන් වන්නක් නොව දින ගණනාවක් පුරා ගලා යන හැසිරීම් රටාවක් වේ. ඒ වනාහි අලි ඇතුන්ගේ මධුසමය නම් කාල වකවානුවයි. අවසානයේ දී ලිංගික එක් වීමකින් වන තෙක් මේ මධුසමය අත්හැර යාමට ඔවුහු කැමති නොවෙති. 

#AwasanaKunchanadaya #DRNandanaAthapttu #SinhalaPoth 

Weight 0.960 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැකී යන වන පෙත් + ඉන්දියානු වනදිවිය + අවසාන කුංචනාදය”

Your email address will not be published. Required fields are marked *