Sale!
,

සිලෝන් ආදම්ගේ පාරාදීසය + යාපා පටුනේ සිට කොළඹට පාගමනක් + රොබට් නොක්ස්

රු1,948.00

  • සිලෝන් ආදම්ගේ පාරාදීසය + යාපා පටුනේ සිට කොළඹට පාගමනක් + රොබට් නොක්ස්
  • සාමාන්‍ය මිල – රු. 2050/=
  • අපේ මිල – රු. 1948/=

Out of stock

සිලෝන් ආදම්ගේ පාරාදීසය + යාපා පටුනේ සිට කොළඹට පාගමනක් + රොබට් නොක්ස්

සාමාන්‍ය මිල – රු. 2050/=

අපේ මිල – රු. 1948/=

සිලෝන් ආදම්ගේ පාරාදීසය 

Ceylon-The Paradise Of Adam (by Caroline Corner ) මෙම කෘතියේ සිංහල පරිවර්තනය

Author : කුමාර සිරිවර්ධන   

Publisher : Keheli Publisher

Second Batch 2021

ISBN : 978-624-5865-02-4

308 Pages 

 

ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොළඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටතේ විජිත සමයේ්දීය. ඒ සමාකාලීනව ඇගේ සැමියා මෙරට යටතේ විජිත කාර්යාලයේ නිලධාරීයෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon ; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි.

සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි විශ්වාස, චර්යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් වගාව විස්තර කරයි. 

#Ceylonadamgeparadisaya #Kumarasiriwardhana #SinhalaPoth #SriLankaweIthihasaya

 

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් 

Author : කුමාර සිරිවර්ධන 

Trabels on foot through the island of Ceylon (by J. Haafner) මෙම කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Keheliya Publisher

Second batch 2021

ISBN : 978-624-5865-01-7

212 Pages 

 

ආසියානික මවකට සහ ඕලන්ද වෙළෙඳ සමාගමේ නිලධාරියකුට දාව විලියම් පැල්ක් උපන්නේ ලංකාවේය. මෙරට ඉපද මෙහිම ලන්දේසි ආණ්ඩුකාර ධූරයට පත් වූ එකම තැනැත්තා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය ඇතුළත වකවානුවක මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලංකාවට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපා පටුනට පැමිණෙන ඔහු එහි සිට කොළඹ මිතුරන් කිහිප දෙනකු සමග පැමිණෙන්නේ පා ගමනිනි. සමකාලීනව උඩරට පාලනය කළ රජතුමා අධිරාජයකු තරම් බලසම්පන්න බව ඔහු පවසයි. ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දී පසු කළ ප්‍රදේශ, ගංගා, වනාන්තර, ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි. 

#YapaPatuneSitaColombataPaGamanin #KumaraSiriwardana #SinhalaPoth #SriLankaweIthihasaya

 

රොබට් නොක්ස්

Author: රන්ජිත් ධර්‍මකීර්ති

Publisher : Sakila Publishers

Fourteenth Edition 2020

ISBN 978-955-1300-69-2

259 Pages

‘ රොබට් නොක්ස් ’ ග්‍රන්ථය, සාහිත්‍ය කෘතියක රසවිදින අතර ම අපේ ඉතිහාසයේ වැදගත් යුගයක් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අයුරින් සංග්‍රහ කොට ඇත. දෙ වැනි රාජසිංහ රජතුමා ( ක්‍රි.ව. 1634 – 1684 ) කන්ද උඩරට රාජධානියේ රාජ්‍ය පාලනය කළ සමයේ – එ නම් මෙයට ශත වර්ෂ හතරකට ආසන්න කාලයකට පෙර යුගයක – පුරා වසර දහ නවයක් ඉංග්‍රීසි ජාතික නැවියකු වූ කනිෂ්ඨ රොබට් නොක්ස් මෙ රට සිරකරුවෙකු වශයෙන් දිවි ගෙවීය. කනිෂ්ඨ රොබට් නොක්ස් ගේ චරිත කතාව, මිනිසෙකුසතු උට්ඨාන වීර්ය, අධිෂ්ඨාන ශක්තිය හා ස්වකීය අරමුණු හා ඉලක්කයන් ජය ගැනීමට බුද්ධිය මෙහෙයවා කළ කැප කිරීම විශද කරන අපූරු අන්දරයකි.පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ මෙම ග්‍රන්තයේ වර්තමාන සංස්කරණයට එම වකවානුවේ ඓතිහාසික පසුබිම ගැන සඳහන් පරිශිෂ්ටයට අමතර  ව උප ග්‍රන්තයෙහි ලා රොබට් නොක්ස් විසින් ලියන ලද .’’An Historical Relations of the Island Ceylon’’ නමැති ග්‍රන්තයෙහි ලා ලංකාව ගැන ඔහු පල කළ වැදගත් අදහස් හා ඔහුගේ නිරීක්ෂණයන්, මෙම කතුවරයා විසින් ම පරිවර්තනය කරනු ලැබ ඇතුළත් කොට ඇත.

 

#RobertKnox #RanjithDharmakeerthi #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.932 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිලෝන් ආදම්ගේ පාරාදීසය + යාපා පටුනේ සිට කොළඹට පාගමනක් + රොබට් නොක්ස්”

Your email address will not be published. Required fields are marked *