, ,

වනසිරි සැරි වත

රු400.00

  • Author : කැමිලස් වනිගසූරිය 
  • Publisher : Sooriya Publisher
  • First Edition 2021
  • ISBN : 978-955-656-608-6
  • 164 Pages

Out of stock

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publisher

First Edition 2021

ISBN : 978-955-656-608-6

164 Pages

 

තිස්වසකට එපිට මතකය ඇහැරවමින්, ගතට සිසිලක්, නෙතට උළෙලක්, මෙන්ම සිතට නිවනක් විඳගනු රිසින්, එදා දිවිසැරියෙන් වැඩි හරියක් වනසැරියටම පෙම්බැඳි ප්‍රේමවන්තයකු සිය ලිවිසැරියෙන් මතු කරුණු ප්‍රේමාවර්ජන අන්දරයක් මා නෙත ගැටිණ.

එය වනසිරි සැර වත නම් වී.

මෙම පෙම් පවස අකුරට ගෙත්තම් කළෝ, දිබ්බැද්ද දෑවැද්ද කරගත් වනිගසූරිය සුරුවාණෝයි.

මොහු ලන්දේ ආනන්දෙට පෙම් බැන්දේ අද ඊයේ නොවේ. මීට විසිදෙවසරකට පෙරාතුව (1999) නදීතෙර කුංචනාදයට අත්පොත් තබමින් තුරුලිය කොමලිය කරගත් කැමිලස්, එතැන් සිට, වන ප්‍රජාවගේ අසීමිත දැනුම් සම්භාරයෙන් පරිණත මිහිබට විශ්ව විද්‍යාලයක් බඳු වන පියස ගැඹුරින්ම ගවේෂණයත්ව බඳුන් කැරෙමින් සිය දැනුම් කෝෂ්ඨාගාරය පුළුල් කර ගත්තේය.

එමගින් නෙලාගත් අස්වනු ඔහු ගබඩා කළේ ශාස්ත්‍රීය පර්යේෂණයන්ගෙන් මුවහන් කළ පුස්තිකාවන් හතක් තුළයි. ඒ අනගි පුස්තකයන් ඔහු විසින් සමාජ ගත කළේ මෙම විෂය ක්ෂේත්‍රයේ ඉඩෝරය නිසා පිපාසිත වූ විද්‍යාර්ථින්ගේ තිබහ සංසිඳුවන පරමාභිලාෂයෙනි.

එසේ කැමිලස් සමාජගත කළ එම ග්‍රන්ථ සියල්ලෙහි අග්‍රඵලය එකලස්කර, ලියු ඔහුගේ නව්‍යතම පර්යේෂණාත්මක ශාස්ත්‍රීය පුස්තිකාව වනුයේ මෙම වනසිරි සැරි වත නම් වූ අපූරුතම ග්‍රන්ථයයි.

මේ නැවුම් පුස්තකය, හුදෙක් වන පොතේ අසිරිය කියාපාන සංලාපයක් පමණක්ම නොව පරිසරය සැබෑ ලෙස සුරකිමින් මතු පරපුරට පිදිය යුතු පූජනීය සම්පතක් සේ අවධාරණය කළයුතු කාලීන බණවරක් ලෙසිනි සපථ කළ හැක්කේ.

මෙවන් අනගි කෘතීන් කැමිලස් වනිගසූරිය වියතාණන් යළි යළි දොරට කැන්දන් එන තෙක් පාඨක අපි නෙත් අයා බලා සිටින්නෙමු. 

#WanasiriSeriWatha #KamilesWanigasooriya #SinhalaPoth

Weight 0.199 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වනසිරි සැරි වත”

Your email address will not be published. Required fields are marked *