,

සැර මුත්තා

රු250.00

  • Author : නන්දදාස වික්‍රමාරච්චි
  • Publisher : Sarasavi Publishers
  • First Edition  2020
  • ISBN 978-955-31-1854-7
  • 120 Pages

Out of stock

Author : නන්දදාස වික්‍රමාරච්චි

Publisher : Sarasavi Publishers

First Edition  2020

ISBN 978-955-31-1854-7

120 Pages

“තාත්තා හැමදාම කපන්නේ රීරි යකා,මහසෝනා,සන්නි යකා,කළු යකා වගේ වෙස් මුහුණු.කපන්නකෝ රජ්ජුරැ කෙනෙකුගේ වෙස්මූණක්”කියලි  අකුරා කිව්වා.

“මම රජ්ජුරු කෙනෙක් දැකලා නැහැ  නේ පුතේ”කියලා බලියා කීවා.

“එහෙනම් තාත්තා මහසෝනා දැකලා තියෙනවද මහසෝනාගේ මුහුණ කපන්න”කියලා අකුරා ඇසුවා.

“හොඳයිමම දන්නා විදියට රජ මුහුණක් කපන්නම්කෝ “කියලා බලියා කීවා.

ඉතින් බලියා හොඳට වේලී පදම්වුණු කදුරු කොටයක් ගෙන රජු කෙනෙකුගේ වෙස් මුහුනක් කැපුවා.අකුරාත් අකුරාගේ අම්මාත් එහි නොයෙක් පාට ගෑවා.

“රජවරුන්ගේ මූණුවල මේ වාගේ පාට  පාට ගාන්නෙ නෑ”කියලා බලියා කීවා.

“එහෙනන් තාත්තා කලින් කීවේ රජ කෙනෙක් දැකල නැතෙයි කියලා යි’’ අකුරා ඇසුවා.

“පුතා කැමති විදියකට නටන්න”යි කියලා බලියා කීවා

අකුරගෙ අම්මා රජ වෙස් මුහුණ  අකුරාගේ මුහුනෙහි බැඳ ගන්නට උදව් කලා.

“දැන් මගේ පුතා රජ කෙනෙක් වගේමයි.”කියලා අකුරාගේ අම්මා කිව්වා.

ඉතින් අකුරා රජ මුහුනත් බැඳගෙන මිදුලට වෙලා හොඳටම නැටුවා..නටන වේගයට අකුරා වැටෙන්නත් ගියා.

“රජවරු ඔහොමත් නටනව යැයි” බලියා ඇහුවා.

”එහෙනම් ඔය මිනිස්සු රීරි යකාට ඇඳගෙන හූ කිය කියා නටන්නෙ”යි අකුරා ඇහුවා.

“යක්කු එහෙම නැටුවට රජවරු එහෙම නටන්නෙ නෑ”යි බලියා කීවා.

“එහෙම නටන රජවරුත් ඇති.උඹට ඔ්න විදියකට උඹ නටපන් පුතේ”කියලා අකුරගෙ අම්මා කීවා.

#SeraMuththa #NndadasaWickramarachchi #SinhalaPoth #LamaintaKiyaweemata 

 

Weight 0.177 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැර මුත්තා”

Your email address will not be published. Required fields are marked *