නව පදනම + අඟහරු මිනිසා + මැවුම්කරුගේ නිර්වාණය
සාමාන්‍ය මිල – රු.1800/=
අපේ මිල – රු.1710/=
නව පදනම
Author: එස්.එම්.බන්දුසීල
Foundation (by Isaac Asimov) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: S&T Group
First Edition 2019
ISBN 978-955-1080-39-6
223 pages
නව පදනම, අයිසෙක් ඇසිමෝවි ලියූ අභ්‍යවකාශ කථා මාලාවේ පළමුවැන්නයි.
බිඳ වැටෙමින් පවතින ගැලැක්සීය අධිරාජ්‍යයක පසුබිම මත දිග හැරෙන මෙම කථා මාලාව විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. විශ්වීය මට්ටමෙන් සිතීමට ඇසිමෝව් තුළ තිබූ අති විශේෂ පරිකල්පනීය හැකියාව පිළිබිඹු කරන මෙම කථා මාලාව හියුගෝ සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
අවුරුදු දොළොස් දහසක් තිස්සේ අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ගැලැක්සීය අධිරාජ්‍යය ඇතුළෙන් විනාශ වන බව කිසිවෙකු දැන සිටියේ නැත. අධිරාජ්‍යයට අත්වන දුඃඛදායක ඉරණම හාරි සෙල්ඩන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සොයා ගත් නව විද්‍යාව තුළිනි.
මන්දාකිණියේ හුදෙකලා පෙදෙසකට පිටුවහල් කරනු ලැබූ සෙල්ඩන් අධිරාජයේ බුද්ධිමත්ම පුද්ගලයන් එක් කර පිහිටුවන නව පදනම ගැලැක්සියේ අනාගතය තීරණය වන ආකාරය සොයා ගනී.
එහෙත් මිය යමින් පවතින අධිරාජයේ තැනින් තැන අලුත් සතුරන් බිහිවන බැවින් නව පදනමේ අනාගතයද තර්ජනයට ලක්වෙයි.
#NawaPadanama #SMBanduseela #IsaacAsimov #VidyaPrabanda #SinhalaPoth
අඟහරු මිනිසා
Author: තත්සරණී බුලත්සිංහල
The Martian (by Andy Weir) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: S&T Group
First Edition 2017
ISBN 978-955-1080-31-0
267 pages
මේ, මිනිසුන් අඟහරු මත පා තබන නුදුරු අනාගතයයි. පෘථිවි මිනිසෙකු පළමු වරට අඟහරු මත පා තබන්නේ ඒ්රිස් ව්‍යාපෘතියෙනි.
සාර්ථකව අඟහරු ගවේෂණය කළ ඒරිස් 1 සහ ඒ්රිස් 2 කණ්ඩායම් පෘථිවියට පැමිණෙන්නේ වීරයන් ලෙසිනි. එහෙත් ඒරිස් 3 ව්‍යාපෘතියේ අභ්‍යවකාශගාමීන් අඟහරු මත නොසිතු විරූ දූවිලි කුණාටුවකට මුහුණ දේ. කුණාටුවෙන් ඉවතට විසිවෙන මාක් වොට්නිගේ ජෛව සංඥා ඔහු මිය ගිය බව තහවුරු කරයි. කණ්ඩායම ඔහු හැරදා පෘථිවියට පැමිණේ. එහෙත් මාක් වොට්නි මියැදුණේ නොවේ!
ඉන්පසු ඇරඹෙන්නේ මල ග්‍රහලොවක තට්ට තනි වූ ඔහුගේ ජීවන අරගලයයි. පෘථිවිය සමඟ කිසිදු සන්නිවේදනයක් නොමැති ඔහුගේ අරමුණ වන්නේ ඒරිස් 4 ව්‍යාපෘතියෙන් මිනිසුන් ගොඩ බසිනා තෙක් ජීවත් වීමටයි. එහෙත් අඟහරු මේ පෘථිවි මිනිසා දඩයමට සැරසේ.
මාක් සතු විද්‍යාත්මක ඥාණය, උපායශීලිත්වය සහ තාර්කික චින්තනය ඔහුව අඟහරු මර උඟුල්වලින් බේරාවිද? නැතිනම් අගහරු මත මිය ගිය පළමු මිනිසා බවට ඔහු පත්වේද?
මෙය අපේ කාලයේ රොබින්සන් කෲසෝගේ කතාවයි….
නුදුරු අනාගතයේ ‘ අඟහරු මිනිසාගේ’ කතාවයි….
#AgaharuMinisa #ThathsaraneeBulathsinhala #AndyWeir #VidyaPrabanda #SinhalaPoth
මැවුම්කරුගේ නිර්වාණය
Author : සමීර දේශප්‍රිය
Publisher : S & T Publishers
First Edition 2019
ISBN 978-955-1080-40-2
217 Pages
විශ්වයේ පැවැත්ම පිළිබඳව නව මානයකින් බලන්නට පාඨකයා පොළඹවන මෙම කෘතිය සිංහල විද්‍යා ප්‍රබන්ධ නවකතා ගොන්නට එකතු වූ තවත් සාර්ථක නිර්මාණයකි. කතුවරයා විසින් මෙම ග්‍රන්ථය හරහා ඉදිරිපත් කරන කෘත්‍රිම හැඟීම්, අවකාශ ජාලය, දහයේ පාදයේ වැඩසටහන්කරණය යනාදී නැවුම් සංකල්ප හරහා පාඨකයාගේ චින්තන පරාසය පුළුල් වනු නොඅනුමානය, මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතය සහ පාඨකයා අතර පවතින අන්‍යේන්‍ය සබඳතාවය, පොතේ මුල සිට අග දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කතුවරයා සමත්ව ඇත්තේය. ඒ නිසා ම, කතානායකයා සජීවී චරිතයක් බඳු හැඟීමක් පාඨකයා තුළ ජනිත වන්නේය.
මහාචාර්ය ජයන්ත ලාල් රත්නාසේකර උපකුලපති – ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය
#MawumKarugeNirwanaya #SameeraDeshapriya #SinhalaPoth
Reviews
There are no reviews yet.