Sale!
, , , , , , , ,

පුරාණ ලක්දිව

රු2,033.00

  • කන්ද උඩරට ගරිල්ලා යුධ උපක්‍රම + පුරාණ ලංකාවේ ගම්දොර විත්ති + පුරාණ ගම + අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය
  • සාමාන්‍ය මිල – රු. 2140/=
  • අපේ මිල – රු. 2033/=

Out of stock

කන්ද උඩරට ගරිල්ලා යුධ උපක්‍රම + පුරාණ ලංකාවේ ගම්දොර විත්ති + පුරාණ ගම + අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

 

සාමාන්‍ය මිල – රු. 2140/=

අපේ මිල – රු. 2033/=

 

කන්ද උඩරට ගරිල්ලා යුධ උපක්‍රම

 

Author : එච්. එම්. ඉසුරු හේරත් 

Publisher : Samanthi Books Publisher 

First Edition 2016

ISBN 978-955-084-157-8

144 Pages

මහනුවර බොහෝ වාරයක් ම ආක්‍රමණය කරනු ලැබූවා ද කිසි විටෙක යටත් කර ගැනීමට නොහැකි වූවකි. සැබෑ උඩරැටියා කඳු නගින්නෙක් ද වෙයි. ඔහු මුහුදු මට්ටමෙන් අඩි දෙසීයේ සිට පන් දහස දක්වා වූ උස් බිමක වසයි. ඔවුන්ට දක්වන ගෞරවයට සමාන වූ පූජනීයත්වයකින් කඳුකරයට ඇල්ම දක්වයි. ස්කොට්ලන්ත වැසියාගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඔහු කෙරෙන් විද්‍යාමාන වේ. ඔහු උසය. මනා අඟපසඟින් හෙබියේ ය. ඉතිහාසයෙන් සනාථ වන පරිදි තම කඳු වැටිය ආරක්ෂක පවුරු සේ යොදා ගැනීමට දක්ෂකමක් දක්වයි. 

                                                                                                                                        – ජෝන් හර්ස්ට් – 

#KandaUdarataGarillaYudaUpakrama #HMIsuruHerath #SinhalaPoth #SriLankaweIthihasaya

 

පුරාණ ලංකාවේ ගම්දොර විත්ති

 

Author : පී.ඇම්. සේනාරත්න 

Publisher : Samathi Publishers

First Edition 2013

ISBN 978-955-0084-5

314 Pages

කුල ක්‍රමය සිංහල සමාජයේ ප්‍රගතියට මිස අගතියට හේතුවී නැත. ගැමි සමාජ ක්‍රමයේ පදනම වැටී තිබුණේ සැබවින් ම කුල ක්‍රමය පදනම් කර ගෙන ය. ගොවියෝ ප්‍රධාන වශයෙන් ගොවිතැන් කළහ. රජකයෝ රෙදි සේදූහ. ධීවරයෝ ධීවර කර්මාන්ත කළහ. තවත් අය සමාජයන්ට අවශ්‍ය කැති, උදලු, පොරෝ මෙන් ම රණ් ආභරණ ද සෑදූහ. කුඹල්කාරයෝ හෙවත් වලන් සාදන්නෝ ද වූහ. මේ අය අතර කිසිය භේදයක් පැවතුනේ නැත. ඔවුහු එකිනෙකා අතර භාණ්ඩ හුවමාරු කර ගත්හ. 

ඥාති සම්බන්ධය සිංහල ගැමි සමාජයේ තවත් විශේෂ ලක්ෂණයකි. පවුලේ එකිනෙක සාමාජිකයන් අතර ආචාර ධර්ම පද්ධතියක් වේ. එය උල්ලංඝණය කිරීම සමාජ සම්මුතීන් බිඳ දැමීමක් විය. පවුලේ හැම සාමාජිකයෙක් ම කිසියම් යුතුකම් රැසක් හා වගකීම් රැසක් කරට ගෙන ක්‍රියා කළ යුතු විය. මේ  පවුලේ අඛණ්ඩතාව හා තීව්‍රර සම්බන්ධතාව ගම පුරා විහිදී ගොස් තිබේ. බටහිර ආධිපත්‍යයත් සමඟ මේ සියල්ල දෙදරා ගිය ආකාරය අපේ කලාකරුවෝ පසු කලෙක සිය නිර්මාණවලට වස්තු විෂය කර ගත්හ. 

#PuranaLankaweGamdoraViththi #PMSenarathna #SinhalaPoth #SriLankaweIthihasaya

 

පුරාණ ගම 

 

Author : මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන 

Publisher : Samanthi Books Publisher 

Third Batch 2016

ISBN 978-955-8596-27-2

126 Pages

සමාජ පරිණාමය පිළිබඳ ව සමාජ විද්‍යාඥයින් කර තිබෙන අධ්‍යයනවලට අනුව ආසියාතික සමාජ අයත් වන්නේ අතරමැදි සමාජ ප්‍රවර්ගයටයි. එනම් ප්‍රාථමික ගෝත්‍ර ස්වරූපයෙන් ඉදිරියට පැමිණ ඇති අතර නවීන නාගරික සමාජ ස්වරූපය කරා තවමත් පැමිණ නොමැති බවයි. මේ අනුව ගැමි සමාජ සන්තතියේ අතර මැද ස්වභාවයක පසු වෙයි.

ගැමි සමාජය ගොඩනැගීමේ පදනම වන භූමි පරිභෝජන රටාවන් වැනි ආර්ථික ක්‍රියාකාරකම් සහ කුලය වැනි සමාජ සංවිධානයට අයත් ආයතනික ව්‍යුහයන් පිළිබඳ ව ද සංස්කෘතික අංග ලක්ෂණ පිළිබඳ ව ද ප්‍රාමාණික තොරතුරු සම්භාරයක් මේ කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ. මෙය පුරාණ ගම පිළිබඳව මානවවංශ පුරාවිද්‍යාත්මක ගවේෂණයට මහඟු ප්‍රතිඵලයකි.

#PuranaGama #PrishanthaGunawardhane #SinhalaPoth #SriLankaweIthihasaya

 

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

 

Author : අභය හේවාවසම් 

The History of  Water Management In Sri Lanka Down The Ages (by R.L. Brohier)කෘතියේ සිංහල පරිවර්තනය…

Publisher : Sooriya Publisher 

Second Batch 2021

ISBN 978-955-656-051-0

212 Pages

1892 ඔක්තෝම්බර් පස් වන දා අපන් ආර්ග එල්. බ්‍රෝහියර් දහඅට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ්‍රාම ගත්තේ උප මිනින්දෝරු ජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය. 

කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද්‍රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමා අතින් ලියැවුණු කෘතීන් අතර SEEING CEYLON, DISCOVERING CEYLON, ANCIENT IRRIGATION WORKS IN CEYLON යන ග්‍රන්ථ සුවිශේෂ වෙයි.  

#AnadimathYugayakaSitaHelayeJalaKalamanakaranayaPilibandaKathandaraya #AbayaHewawasam #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.953 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ ලක්දිව”

Your email address will not be published. Required fields are marked *