, ,

ග්ලැසේරා

රු800.00

  • Author කේෂාන් හරේෂු
  • Publisher : Grantha Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5572-01-4
  • 344 Pages

Out of stock

Author කේෂාන් හරේෂු

Publisher : Grantha Publishers

First Edition 2021

ISBN 978-624-5572-01-4

344 Pages

ඒය දැන් ඇසෙන්නේ  තමන්ට පිටුපසින් ඉතාමත්  ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළුනිවී ගියේ ය. අනුදැනුමින් තොරවම ඹහුගේ උදරයේ මාංශ පේශි හැකිළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ  ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් වේගයෙන් සිදු විය .පෙණහළු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප්‍රබලව ප්‍රථම වතාවට ඔහුට දැනෙන්නට විය.

ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස්  රථයේ පිටුපස පරීක්ෂා කළේය.නමුත් එහි කිසිවෙකු හෝ  කිසිවක් නොවීය.ගීතයේ හඬ නතර වී තිබුණි . නමුත්  ඔහු පිටුපස අසුනේ  යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එමනිසා ඔහු පියවරක් ඉදිරියට තැබුවේය.නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය.

කිසිවක් නැත….

ඔහු මදක් දෙසට නැවුණේය. දුරකතනයේ ආලෝකය ආසනවලින් පහළට එල්ල කළේය. කුමක් හෝ සුදු පැහැති ඡායාවක් එකවරම ආසනය මතට ගමන් කරනවා  වැනි දර්ශනයක් දුටු ඔහු කලබලයට මෙන්ම බියට පත්ව වහාම නැගිට්ටේය . එම ආසනය දෙසට ආලෝකය නිකුත් කරමින් වේගයෙන් ඒ වෙත ළං වූ ඔහු පසුපසම ආසනයේ වම දකුණ දෙදිශාවටම ආලෝක ධාරා  නිකුත් කරමින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළේය…

නමුත් කිසිම දෙයක් එහි නැත.

#Glasera #KeshanHareshu #sinhalaPoth #SinhalaNawakatha

Weight 0.413 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ග්ලැසේරා”

Your email address will not be published. Required fields are marked *