, , , ,

කාන්තාරයේ දරුවෝ

රු600.00

  • Author: රංජිත් කුරුප්පු
  • Desert children (by Waris dirie & Corinna Milborne) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Fast Publishing (Pvt) Ltd
  • Forth Batch 2019
  • ISBN 978-955-1822-66-8
  • 162Pages

Availability: 3 in stock

Author: රංජිත් කුරුප්පු

Desert children (by Waris dirie & Corinna Milborne) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Fast Publishing (Pvt) Ltd

Forth Batch 2019

ISBN 978-955-1822-66-8

162Pages

 

‘ කාන්තාරයේ දරුවෝ ‘ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමඟ එක්ව ස්ත්‍රී වර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරු වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කර ගැනීම සඳහා චර්මඡේදනය කරවා ගනිතී. අප්‍රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයක් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී චර්මඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් නම් ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිසියම් පරමාධ්‍යාශයක් නැතිනම් කල්පිතයක් තිබෙන බවයි. ස්ත්‍රී චර්මඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේද? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සඳහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත ”

පින්තූරයෙන් එළියට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

 

#KantharayeDaruvo #RanjithKuruppu #Pariwarthana #PariwarthamaNawakatha

Weight 0.203 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරයේ දරුවෝ”

Your email address will not be published. Required fields are marked *