Sale!
, , , , ,

හැරී පොටර් කතා මාලාවේ සිංහල පරිවර්තන එකතුව

Original price was: රු8,090.00.Current price is: රු7,686.00.

  • හැරී පොටර් සහ මායා ගල + හැරී පොටර් සහ රහස් කුටිය + හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු + හැරී පොටර් සහ අග්නි කුසලානය + හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය + හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා + හැරී පොටර් සහ ඩෙත්ලි  හැලෝස්
  • සාමාන්‍ය මිල – රු. 8090/=
  • අපේ මිල – රු. 7686/=

Out of stock

හැරී පොටර් සහ මායා ගල + හැරී පොටර් සහ රහස් කුටිය + හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු + හැරී පොටර් සහ අග්නි කුසලානය + හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය + හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා + හැරී පොටර් සහ ඩෙත්ලි  හැලෝස්

සාමාන්‍ය මිල – රු. 8090/=

අපේ මිල – රු. 7686/=

 

  1. හැරී පොටර් සහ මායා ගල

Autho:  අභය හේවාවසම්

HARRY POTTER and the Lhilosopher’s Stone (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Fifteenth Batch

ISBN 978-955-573-484-4

386 Pages

 

හැරී පොටර් සිතා සිටින්නේ තමන් සාමාන්‍ය දරුවෙකු බවයි, ඉතා දුක සේ තම පුංවි අම්මා සහ බාප්පාගේ නිවසේ ජීවත් වන ඔහු, එක් සද්දන්ත මිනිසෙකු විසින් බේරා ගනු ලබයි. ඉන්පසු ඉන්ද්‍රජාල විජ්ජා සහ වශීගුරුකම් පිළිබඳ තක්සලාවක් වූ හොක්වර්ට්ස් ආයතනයට හැරී ඇතුළු කරනු ලබයි. එහිදී කොයිස්ට් ක්‍රීඩා ශූරයකු බවට පත් වන හැරී පොටර් එම තරගය ප්‍රගුණ කරන්නේ මහා දුෂ්ඨ ඉන්ද්‍රජාලයෙකු සමඟ තම ජීවිතය පරදුවට තබා සටන් කරමිනි.

 

#HarryPotterSahaMayagala #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

  1. හැරී පොටර් සහ රහස් කුටිය

Author:  අභය හේවාවසම්

HARRY POTTER and the Chamber of Secrets (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eleventh Batch

ISBN 978-955-573-623-7

400 Pages

 

හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.  මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් හිතුවේ නැත.

ජේ.කේ. රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුල ය. ඒ නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග්‍රහණය කර ගන්නාසුලු කෘතියක් වන බව සැකයක් නැත.

 

#HarryPotterSahaRahasKutiya #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

 

  1. හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු

Author: අභය හේවාවසම්

HARRY POTTER and the Prisoner of Azkaban (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eighth Batch

ISBN 978-955-573-761-6

503 Pages

 

හැරී පොටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස්  ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරීමට ආසන්නව සිටී. ග්‍රීෂ්ම නිවඩුව නිමවී පාසලට යෑමට කාලය එළබෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කඳවා ඇත.

සංත්‍රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ.කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතියකි.

 

#HarryPotterSahaAskabanhiSirakaru #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

 

  1. හැරී පොටර් සහ අග්නි කුසලානය

Author: අභය හේවාවසම්

HARRY POTTER and the Goblet of Fire (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Seventh Batch

ISBN 978-955-573-951-1

831 Pages

 

දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි. හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ කිරීමට සූදානම් වේ.  හැරී නව පාසල් වාරය ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය. හොග්වාට්ස් මායා කර්ම පාසලේ හැරී පොටර්ට කිරීමට ඇති ගවේෂණ බොහෝය. තව තවත් ක්විඩිච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත.

 

එහෙත් මෙවර ක්විඩිච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ් කුසලාන මහා ශූරතා තරගය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගැන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය. ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනූනවයෙන් ජීවිතය ගලවා ගනී.

 

හැරී පොටර් සමඟ අග්නි කුසලාන ශූරතාවයට සහභාගි වීමෙන් ඔහු ලබන මහා භීෂණකාරී අත්දැකීම් ඔබත් අත්විඳින්න.

 

 

#HarryPotterSahaAgniKusalanaya #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

 

  1. හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය

Autho:  අභය හේවාවසම්

HARRY POTTER and the order of the phoenix (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Seventh Batch

ISBN 978-955-671-187-5

1098 Pages

 

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සූදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කළේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි. ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට හැරී පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වූවද, එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි.

 

ජේ. කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත්‍රාසය, කුතුහලය සහ භීෂණ ක්‍රියා තුළින්, කියවන්නා ත්‍රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.

 

 

#HarryPotterSahaPhoenixNikaya # HarryPotterSahaFinixNikaya #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

 

  1. හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා

Author: තොම්සන් ඒ. වැන්දබෝනා

HARRY POTTER and the Half-Blood Prince (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eighth Batch

ISBN 978-955-671-372-5

752 Pages

 

ඒ හොග්වාර්ට්ස් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ හැරී පොටර් ගෙවන සයවැනි වසර යි. වොල්ඩමෝර්ට්ගේ දුෂ්ට බලවේග වර්ධනය වෙද්දී රට පුරා දොම්නස් අඳුර සහ බිය පැතිරී යයි. තමන්ගේ දෛවයට මුහුණ දිය යුතු කාලය එලැඹ ඇති බැව් හැරීට වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ වේ. ඉදිරියේ එන අභියෝගවලට මුහුණු දෙන්නට හැරී සමත් වේද?

 

ජේ.කේ.රෝලිං විසින් ගොතන ලද ඒ අඳුරු, ඇදහිය නොහෙන දුෂ්කර, අනතුරු සහිත ජාලයෙහි ගැටලු ඇය ටිකෙන් ටික ලිහද්දී, හැරීගේත්, ඩම්බල්ඩෝර්ගේත්, ස්නෙප්ගේත්, නිසැකව ම නම නොකිව යුතු අයගේත් සැබෑ ජීවිත පිළිබඳ තොරතුරු පාඨකයා හමුවට එයි….

 

දැඩි, අඳුරු, උනන්දු කරවන සුළු, මැනවින් ගෙතුණු කතාවකි.

–  ඩේලි මේල් –

 

 

 

මේ පොත් කාණ්ඩයේ හැම බලාපොරොත්තුවක්ම ඵල දැරීගෙන එයි. ඊළඟට කුමක් සිදුවන්නේදැයි නොඉවසිල්ලෙන් බලා සිටින පාඨක රසකාමීන්ට, චමත්කාරජනක ඉදිරිපත් කිරීමක් කතුවරිය විසින් කරනු ලැබ ඇත.

– සන්ඩේ ටයිම්ස් –

 

 

#HarryPotterSahaAdaLeKumaraya #ThomsonAWendabona #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

 

  1. හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස්

Author: තොම්සන් ඒ. වැන්දබෝනා

HARRY POTTER and the Deathly Hallows (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Seventh Batch

ISBN 978-955-671-657-3

864 Pages

ඩර්ස්ලිලාගෙන් සහ ප්‍රිවෙට් ඩ්‍රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහ අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.

 

උපද්‍රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පොටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පොටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.

 

 

#HarryPotterSahaDeathlyHallows #HarryPotterSahaDethlyHalows #ThomsonAWendabona #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

Weight 5.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හැරී පොටර් කතා මාලාවේ සිංහල පරිවර්තන එකතුව”

Your email address will not be published. Required fields are marked *