Author – කීර්ති වැලිසරගේ
Publisher – Vapa University Press
First Edition 2021
ISBN 978-624-5785-11-7
184 Pages
කෙටිකතාවක අවස්ථාවන් ද, ඒ අවස්ථා මඟින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකි වේ. මේ රටාව නම්, පැහැදිලිව ම සියල්ල ඉතා සියුම් ලෙස කේන්ද්‍රාභිසාරි චලන ලක්ෂණයක් ආත්ම කොට ගෙන ඇති බවයි. සියල්ල භ්‍රමණය වන්නේ කිසියම් නිශ්චිත නාභියක් කරා ය. මේ ගමන ඒ නාභියේ දී, අති සූක්ෂම ආලෝකයක් දල්වාලමින් , ජීවිතය පිළිබඳව , සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක් අරබයා හෝ දැක්මක්, ප්‍රඥාවක්, ආනන්දයක් ජනිත කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී. මේ නිෂ්ඨාව කරා සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව කෙටිකතාවක චරිත, අවස්ථා, සිද්ධි ආදී කීසිවක් තව දුරටත් විකාශය නොවේ. ලොව කිසිදු ‘කෙටිකතාකරුවෙකු’ තම කෙටිකතාවකට දෙවන කොටසක් ලියා නැත.
#KetikathaNirmanavalokana #KeerthiWelisarage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.