Author: සුදත් රත්නායක
Publisher: Wasana Publishers
First Edition 2017
ISBN 978-955-29-0684-8
575 Pages
1947 සිට මහජන කැමැත්තෙන් රටේ පාලකයින් තෝරා ගැනීමේ ක්‍රමය ආරම්භ වූ දා පටන් දශක දෙකකට වැඩි කාලයක් ඡන්දයෙන් බිහි වූ දේශපාලනඥයින්ගේ මූලික අරමුණ වූයේ , ඒ වන විටත් විවිධාකාරයෙන් බෙදී සිටින ජනතාවත් , රටත් නගා සිටුවීමය . ඔවුන් ඒ සඳහා තම දැනුම , ශ්‍රමය පමණක් නොව ධනය ද වැය කළ නමුදු එම දේශපාලන ශ්‍රේෂ්ඨයින්ගේ නික්ම යෑමෙන් පසු අපට දක්නට ලැබෙන්නේ දේශපාලනය තම ධනෝපායන මාර්ගය නැතහොත් ව්‍යාපාරය බවට පත් කර ගන්නා පිරිසක් දේශපාලන ක්ෂේත්රයට පිවිසෙන අන්දමය .
හැත්තෑව දශකයේ සිට ඇරඹෙන මෙම අවස්ථාවාදී දේශපාලනය , ධනෝපායන මාර්ගයක් බවට පත් කර ගත් අය බහුතරයක් බලය ගත් තැන් පටන් අපට දක්නට ලැබෙනුයේ බලයේ සිටින ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තීරණ ජනතාවට , එසේත් නැත්නම් රටට හිතකර හෝ අහිතකර සියලු ක්‍රියාමාර්ගයන් විපක්ෂය නිර්දය ලෙස හෙළා දැකීමය . ඇතැම් අවස්ථාවල රජයට එරෙහිව ජනතාව ප්‍රකෝප කරවමින් තමන්ට බලය ලබා ගැනීමට උත්සාහ දරන විපක්ෂයක් සහ තමන්ගේ අත්තනෝමතික තීන්දු තීරණවලට එරෙහි වන විපක්ෂය කෙසේ හෝ හීලෑ කරන්නට , මර්දනය කරන්නට උත්සාහ කරන පාලකයින්ය .
අප සමගම නිදහස ලබා ගත් අනෙකුත් රටවල් වේගයෙන් ඉදිරියට යන විට අප රට ඉබි ගමනින් දියුණුව කරා යන්නේ ඒ නිසාම පමණක් නොවේ . මෙරට වෙසෙන සුළු ජාතීන් විසින් සිදු කළ සහ සිදු කරනු ලබන විවිධ ඉල්ලීම් ද ඊට හේතු විය . සැම විටම මෙරට ප්‍රධාන ජාතිය වූ සිංහල ජාතියත් , බුදු දහමත් ගැන කිසිදු තැකීමක් නොකර ජාතිවාදී ලෙස බරපතළ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පවතින රජයන් අපහසුතාවට පත් කිරීම අතීතයේ සිටම දැකිය හැකිය . නිදසුනක් ලෙස ගත් කල තිස් වසරක් පුරාවට පැවති උතුරේ බෙදුම්වාදී යුද්ධය එයින් එකක් පමණි . මහජන කැමැත්තෙන් බලයට ආ බහුතරයක් තමන්ට රිසි සේ බලය පාවිච්චි කරමින් , මහජන මුදල් නාස්ති කරමින් , ගසාකමින් , විරුද්ධවාදීන් මර්දනය කරමින් , තමන් ඇතුළු තමන්ගේ පරපුර පෝෂණය කර ගනිමින් මේ යන ගමන කවදා නවතී ද ? 1971 සහ 1988 දී සිදු වූ ලෙසින් ඡන්දය වෙනුවට උණ්ඩය තෝරා ගන්නා තරුණ පිරිසක් නැවත බිහි වෙයි ද ? “ලේ කඳුළු මැදින් ආ සියවසක ගමන ” මෙවැනි තොරතුරු පෙළගැස්වීමක් වන්නේය .
#LeKanduluMadinASiyawasakaGamana #SudathRaththnayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.