Author: පී.බී ජයසේකර
Publisher: Fast Publishers
First Edition 2021
ISBN 978-624-204-041-7
210 Pages
එයා ආදරය කරන්න දන්නෙත් නැහැ ලබන්න දන්නෙත් නෑ. එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනව, ඇත්ත, කුස්සියෙ වැඩ පලත් ඔක්කොම කරනව. එයා හිතන්නේ ඒක තමයි ආදරේ, එහෙම තමයි ආදරේ පෙන්වන්න ඕන කියලා. ඒත් එතන තියෙන්නෙත් අධිපතිවාදය. රෑට උයන්නේ මොනවද තීරණය කරන්නේ එයා. ඉදි ආප්ප හදන්නෙත් එයා. පිට්ටු හදන්නෙත් එයා.මට තියෙන්නේ බලාගෙන ඉන්ඩ, පොල් ටිකක් ගාන්ට, ලූනු සුද්ද කරන්ට. ඒ පිළිවෙත කෙනෙකුට පේනට පුළුවන් ස්ත්රී විමුක්තියේ පියවරක් විදිහට. ගැහැනියට හිමි කුස්සිය නෙමෙයි කියලා පෙන්වන්ට.එහෙත් ඒ ක්රියාවලියේ බොහොම සූක්ෂම විදිහට තියෙන්නේ පුරුෂාධිපත්යයයි. එයා දරුවන්ගේ රෙදි හේදුව, ඒක හරි, හැබැයි එයා මගේ රෙදි හේදුවෙ ස්ත්රී විමුක්තිය කියලා ඒ සඳහාම නෙමෙයි. එයා ඒකෙන් මානසික වින්දනයක් ලැබුව. එයාට මම මගේ කිළි රෙදි කෑලි හෝදන්න දුන්න නෙමෙයි. දවස් කීපයේ ඒව එකතු වෙනකොට එයා ඒවා හේදුවා. මාත් එක්ක ඇඳට ගියේ නැතිවට ඒ කාලයේ එයා ඒවා හේදුවා. එහෙම ලොකු ආස්වාදයක් වින්දා. මම දැකලා තියෙනවා, ඒ රෙදි හෝදනකොට එයාගෙ මූණ මලක් වගේ පිපිලා, රෙදි කෑලි හෝදලා මිරිකනකොට එයගේ ඇඟ ගැහෙනවා. පස්සේ මලානික වෙනවා, එයා එහෙම මානසික ලෙඩෙක්! මාත් එක්ක ඇඳට ගියෙ නැතිවට , හරියට ඇඳට ගියා වගේ එයා ඒකෙන් ලිංගික ආස්වාදයක් වින්ඳා!
#Anaayasa #PBJayasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.