සත් සුමිතුරන් සහ පාළු මන්දිරයේ අබිරහස + සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය + සත් සුමිතුරන් සහ පාළු තැනිතලාවේ අබිරහස + සත් සුමිතුරන් සහ මුතු මාලයේ අබිරහස + සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා + සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස + සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය + සත් සුමිතුරන් හා බ්‍රෑම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය + සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස + සත් සුමිතුරන් හා රුක් නිවසේ අබිරහස + සත් සුමිතුරෝ + සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය + සත් සුමිතුරන් සහ ගිනිමැල රාත්‍රිය + සත් සුමිතුරන් සහ හිත හොඳ බ්රවුනි + සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස
සාමාන්‍ය මිල – රු. 4460/=
අපේ මිල – රු. 4237/=
සත් සුමිතුරන් සහ පාළු මන්දිරයේ අබිරහස
Author – සුදත් රොහාන්
Secret Seven on the Trail (Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Tharanga Publishers
First Edition 2004
ISBN 978-955-657-301-5
148 Pages
දැන් දැන් ඒ අද්භූත හඬ ඔවුන්ට පැහැදිලිව ඇසේ. එය ඇසෙන්නේ නිවසේ දුම් කව්ළුවෙන්. පාළු නිවස වටා ඇති දැවැන්ත ලඳු කැලෑව දෙසින් පිළිතුරු ලෙස තවත් එවැනි ම හඬක් ඉන් පසු ව ඇසුණේය.
#SathSumithuranHaPaluMandirayeAbirahasa #SudathRohan #SinhalaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය
Author: සුදත් රොහාන්
SHOCK FOR THE SECRET SEVEN (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2007
ISBN 978-955-657-083-0
168 Pages
තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකකු විය යුතු ය.
#SathSumithuranSahaSunakhaMankollaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ පාළු තැනිතලාවේ අබිරහස
Author: සුදත් රොහාන්
The Secret Seven Wins Through (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2005
ISBN – Unknown
142 pages
තත්පර කිහිපයක් නිහඬව ගෙවී ගියේ ය. කිසිවෙකුත් පිටතට පැමිණියේ නැත. විදුලි පන්දමේ දීප්තිමත් ආලෝකය විහිදෙන ප්‍රෙද්ශයේ තිබුණේ දැඩි පාළුවක් පමණකි.
#SathSumithuranSahaPaluThenithalaweAbirahasa #SudathRohan
සත් සුමිතුරන් සහ මුතු මාලයේ අබිරහස
Author: සුදත් රොහාන්
The Secret Seven Adventure (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2003
ISBN – Unknown
112 pages
පීටර්ට බය වූ මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් කොලින් බලා සිටියේ පුදුමයෙනි.
තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළග ම භීතියෙන් වෙවුළා ගියේ ය. ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපූරු තැනක් හොයාගෙන ඇති සෙයකි.
කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය.
දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවනවා සිකුරු ය.
#SathSumithuranSahaMuthumalayeAbirahasa #SudathRohan
සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා
Author: සුදත් රොහාන්
Three Cheers, Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2005
ISBN 978-955-657-300-8
136 Pages
සඳළුතලයේ ඒක් කෙළවරක වූ කුටියක කවුළු තිර අතර වූ පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණි. ඒ සමඟ ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නඟින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.
#SathSumithuranSahaAbirahasAganthukaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස
Author: සුදත් රොහාන්
Good Work Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2005
ISBN 978-955-657-306-0
146 Pages
පිඳුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැනගත්තෝ ය.
#SathSumithuranSahaGiniPambayageAbirahasa #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය
Author: සුදත් රොහාන්
Secret Seven Mystery (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2006
ISBN 978-624-5576-20-3
139 Pages
නූල් කැබලි ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ පීටර් පෙට්ටිය විවෘත කළා. මොන පුදුමයක්ද! ඒ් පෙට්ටිය ඇතුළෙ තිබුණේ නූල්වලින් මනාව ඔතන ලද තවත් කුඩා පෙට්ටියකි. පීටර් ඒ් පෙට්ටියත් විවෘත කළා. ඒ්ක ඇතුළෙ තිබුණේ ප්‍රමාණයෙන් ඊටත් කුඩා තවත් පෙට්ටියක් පමණකි.
#SathSumithuranSahaAthurudahanVuYuvathiya #SudathRohan #SinhalaParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් හා බ්‍රෑම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය
Author: සුදත් රොහාන්
Look Out Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publisher
First Edition 2007
ISBN 978-955-657-308-4
154 Pages
හැමෝම සැඟවුණාට පස්සේ පීටර් අතු අතරින් ඔළුව එළියට දමලා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවිලා ඉන්නේ කොහෙද කියලා ඔහුට යන්තමින්වත් දැකගන්න ලැබුණේ නෑ. ඒ නිසා පීටර්ගේ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරම් හොඳින් සැඟවිලා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්න අමුත්තටවත් සත් සුමිතුරන් දැකගන්න ලැබෙන්නෙ නෑ.
#SathSumithuranSahaBremblyWanantharayeMankollaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස
Author: සුදත් රොහාන්
Go Ahead Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2004
ISBN – Unknown
136 pages
ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එතකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කූඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද ?
#SathSumithuranSahaBimgeiAbirahasa #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් හා රුක් නිවසේ අබිරහස
Author: සුදත් රොහාන්
Well done, Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2005
ISBN 978-955-657-297-1
146 Pages
පීටර් වහා ඉදිරියට පැන ගස මත සිටි මිනිසාගේ දෙකකුළ වැරෙන් අල්ලාගත්තේ ය. උස් හඬින් විලාපයක් නගමින් මිනිසා දෙපා මුදාගන්නට කිහිප වරක් තැත් කළ ද ඒ සාර්ථක වූයේ නැත…………
#SathSumithuranSahaRukNiwaseAbirahasa #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරෝ
Author: සුදත් රොහාන්
The Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2003
ISBN – Unknown
135 pages
ඒ ශීත ඍතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් ඒ බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද?
#SathSumithuro #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය
Author: සුදත් රොහාන්
Puzzle for Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2006
ISBN 955-657-037-3
182 pages
එක් දිනක් රාත්‍රියක නගරයේ පෞරාණික අළෙවි සලක තබා තිබෙන මිල කළ නොහැකි වයලීනයක් සොරාගන්නා ආකාරය ජෝර්ජ් සහ කොලින් දකිති. වයලීනය සොරා ගන්නා ආකාරය දුටුවද ඔවුන්ට සොරා අල්ලා ගැනීමට නොහැකි වෙයි. සත් සුමිතුරන් පිරිස මේ අබිරහස් හොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට පටන්ගන්නේ ඉන් පසුවයි. සොරා වයලීනය සොරකම් කොට ඇත්තේ පීටර්ගේ ගෙවත්තේ සිටින පඹයාගේ ඇඳුම් කට්ටලය ද සොරකම් කොට එය ඇඳගෙන ගොස් බව සත් සුමිතුරෝ සොයා ගනිති. මේ සිදුවීම් දාමය ගැන පරීක්ෂණ පවත්වන සත් සුමිතුරන්ට සොරාගත් වයලීනය සොයාගත හැකිවෙයි. එහෙත් අවසානයේ ඉතාමත් ම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි.
#SathSumithuranSahaSoragathWayaleenaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ ගිනිමැල රාත්‍රිය
Author: සුදත් රොහාන්
Secret Seven Fireworks (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2006
ISBN 978-624-5576-21-0
170 Pages
බොන් ෆයර් රාත්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ළමුන් අතර පැවැත්වෙන සුප්‍රකට උත්සවයක්. මේ උත්සවයේදී ළමෝ ෆේවික්ස් යනුවෙන් හැඳින්වෙන පඹයින් නිර්මාණය කොට විශාල ගිනි මැලයක තබා එම පඹයින් පුළුස්සති. සත් සුමිතුරන් පිරිස ද මේ අපූරු බොන් ෆයර් රාත්‍රිය සමරන්නට සූදානම් වෙති. ඒ අතරම වෙස් වලාගත් සොරෙකු අල්ලන්නට ද ඔවුන්ට හැකි වෙයි.
#SathSumithuranSahaGinimelaRathriya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ හිත හොඳ බ්රවුනි
Author: සුදත් රොහාන්
Fun For secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Tharanga Publishers
First Edition 2007
ISBN 978-624-557-619-7
139 Pages
අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියා ය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේ ය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින්බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කටහඬ ද විටින් විට ශ්‍රවණය විය.
#SathSumithuranSahaHithaHodaBrawni #SudathRohan #ParivarthanaPoth #OnlineBooks
සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස
Author: සුදත් රොහාන්
GOOD OLD SECRET SEVEN (By Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2006
ISBN 978-955-657-056-4
142 pages
ජැක්ගේ ටොම් මාමා එයාට හරිම අපූරු තෑග්ගක් ගෙනත් දුන්නා. ඒ තෑග්ග තමයි අපූරු දුරදක්නයක්. සත් සුමිතුරන් පිරිසත් එක්ක මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් ඒකත් අරන් ආවා. පීටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඈත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඈත කන්දක් උඩ තියෙන ගරාවැටුණ, අබලන් ටෝර්ලීන් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරාවැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළඟ අමුත්තෙක් ඉන්නේ ඇයි? පීටර් ගොඩක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තට ම දුරදක්නයක් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය කියලා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නෑ.
#SathSumithuranSahaTorleenMadureAbirahasa #SudathRohana #sinhalaLamaPoth
Reviews
There are no reviews yet.