, ,

සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

රු450.00

  • Author: යශෝදරා ගුණසේකර
  • Publisher: Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-564-5
  • 141 Pages

Availability: 2 in stock

Author: යශෝදරා ගුණසේකර

Publisher: Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-564-5

141 Pages

 

ආදරය, කරුණාව, ලාභ ඉපයීම හා ජෛව විවිධත්වය අරමුණු කරගෙන දඩයම් යුගයේ සිට මිනිසා හා සතුන් අතර ඇති වූ බැඳීම, එඬේර යුගයේ දී ප්‍රබල සමාජයීය සංස්කෘතියක් බවට පත්විය. ගෘහාශ්‍රිතව,ව්‍යාපාර හා ලෝවැසි ජීවත්වන සියලු සතුන් උදෙසා වෙද- හෙදකම් කළ හෙයින්,  අද පශු වෛද්‍ය විද්‍යාව සේ හඳුන්වමු. නිරෝගි සැප හැර සැපයක් මිනිසාටද සතුන්ට ද නොමැත. මේ පිළිබඳ අප රටෙහි තහවුරු වී ඇති දුර්මත ඉවත් කළ යුතු කාලය ද ඉක්මවා තිබේ.පශු වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණාත්මක නවමු දැනුම අප සමාජයේ තහවුරු නො වන්නේ ද මේ ආකල්පමය ගැටළු හේතුවෙනි.

“ සුරතල් සතුන් ලෙඩ වන්නට පෙර” කෘතිය පශු වෛද්‍යවරියකගේ අත්දැකීම් ඇසුරෙන් මෙරට පාඨකයා අතරට පැමිණි කාලෝචිත මැදිහත් වීමකි. මන්ද යත් බොහෝ දෙනා සතුන් පිළිබඳව එල්බගෙන සිටින දුර්මත වෙනුවට පසු විද්‍යාත්මක සත්‍ය හා නිවැරදි අවබෝධය මේ කෘතියෙන් ජනගත වේ. එහෙයින්, “පශු සමාජවිද්‍යා” නම් වූ විෂය ක්ෂේත්‍රය  ප්‍රවර්ධනයට අත්පොත් තබන පළමු පියවර මෙයයි. පශු වෛද්‍ය යශෝධරා ගුණසේකර ලේඛිකාව දක්වන  බුහුටිකම  වඩා ප්‍රශංසනීය වන්නේ, පශු සමාජ විද්‍යා විෂය මෙරටට හඳුන්වා දෙන පුරෝගාමී කෘතිය ලෙස සම්පාදනය කිරීමෙනි.

ආචාර්ය නිරංජලා ද සිල්වා , සභාපති, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

 

#SurathalSathunLedavannataPera #YashodaraGunasekara #SinhalaPoth #OnlineBooks

WhatsApp us