Sale!
,

සුප්‍රසිද්ධ චරිත

රු1,378.00

  • මිෂෙල් ඔබාමා  + ලී ක්වාන් යූ  + සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා
  • සාමාන්‍ය මිල – රු. 1480 /=
  • අපේ මිල – රු. 1378/=

 

Out of stock

මිෂෙල් ඔබාමා  + ලී ක්වාන් යූ  + සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා

සාමාන්‍ය මිල – රු. 1480 /=

අපේ මිල – රු. 1378 /=

 

මිෂෙල් ඔබාමා

Author – සමන් පුෂ්පා ගුණසේකර

Publisher – Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2326-8

272 Pages

“ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා” හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳකගේ කතාව නොවේ. ඇය නීතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.

ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයන්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලන කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳවත් කදිම ආදර්ශයක් ලබා ගත හැක.

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ගේ මෙම ආදශවන් කතාව ඔබ වෙත ගෙන එන සමන් පුෂ්පා ගුණසේකර මහත්මිය මෙවැනිම වූ තම සිහින දිනමින් ලොව තුළ සලකුණක් තැබූ තවත් චරිත බොහොමයක් සිංහල පාඨකයන් වෙත ගෙන ආ කතුවරියකි. තවත් මෙවැනිම සැබෑ ජීවිතයේ කිසි දින හමු නොවූ එහෙත් හමුවී ඉගෙන ගන්නට බොහෝ දෑ ඇති චරිත පාඨකයන්ට මුණගැස්වීමට ඇයට හැකිවේවා යැයි මම සුබ පතමි.

– නීතිඥ තේජා පූර්ණිමා ගුණසේකර

#MichelleObama #MishelObama #SamanPushpaGunasekara #OnlineBooks

 

ලී ක්වාන් යූ     

Author – මානෙත් පතිරණ

Publisher – Authors Publishers

First Edition 2021

ISBN 978-624-98418-0-2

98 Pages

“නිසි පුහුණුවක් ලබාදීමෙන් ඔබට හොඳ ආයතනික නායකයෙක් බිහිකරගත හැක. නමුත් දේශපාලන නායකයෙක් එසේ බිහිකරගත නොහැක. සිය සහෘද ජනයා වෙනුවෙන් මෙහෙවරක් කිරීමේ ආශාවත්, සහජ බුද්ධියක් තමා පසුපස පැමිණීමට ජනතාව පොළඹවාගැනීමේ හැකියාවත් එවැන්නෙකුට තිබිය යුතුය.”

– ලී ක්වාන් යූ

අප ලී ක්වාන් යූ ගැනත්, සිංගප්පූරුව ගැනත්, කියැවිය යුත්තේ ලංකාව තවත් එක් සිංගප්පූරුවක් බවට පත්කිරීමට නොව අප රටේ ඉදිරි ගමන හැඩගස්වාගැනීමට ඉන් උගත හැකි පාඩම් ඉගෙනීමටයි.

මෙම පොත තුළින් උත්සාහ දරා ඇත්තේ ඉතා සරලව නමුත් පරිපූර්ණව ලී සහ සිංගප්පූරුව පිළිබඳ පැහැදිලි අදහසක් මෙරට පාඨකයාට ලබා දීමටයි.

#LeeKwanYu #LeeKvanYu #ManethPathirana #SinhalaPoth #OnlineBooks

 

සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා

Author – ලක්ශාන්ත අතුකෝරල

Little Known Facts about well know People (by Dale Carnegie) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – sooriya Publishers

First Edition 2016

ISBN 978-955-656-407-5

283 Pages

විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැනුන් රැසකගේ ජීවිත අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම් විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂි චරිත ලක්ෂණ ගැන ය. ඇතැම් විට මනු ලොව වාසීන්ගේ විස්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිළිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන්ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි. තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.

#SuprakataCharithaGanaAprakataKatha #LakshanthaAthukorala #SinhalaPoth #OnlineBooks

Weight 0.790 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුප්‍රසිද්ධ චරිත”

Your email address will not be published. Required fields are marked *