Author – ඩබ්ලියු. ඒ්. සිල්වා
Publisher – Sarasavi Publishers
ISBN 978-955-31-1872-1
334 Pages
යම් පොතක් කියවනොත් කියවන්නාට එයින් ප්‍රයෝජනයක් විය යුතුය.
බසෙන් වත්, උගත මනා සත් ගුණදියකින් වත්, විනෝදය ගෙනදීමෙන්වත් පොත පල් හැල්ලකි. පල් හෑල්ල කලා රසයෙන් ද, හීන බැවින්, කලාරසය ලද හැක්කේත්, පළමු කිවූ පොත්වලින් ම බව දත මැනවි. දුසිරිත් බෝ කරන කුණු කසල සහිත පොත් කලා කාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණ වත් නොවරදින්නට කියවා ගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කල එළි බසිති එ සේ කල එළි බසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණ මත් නොවරදින්නට ලියා ගත නොහැකි පුහු ගත්කරුවන් ගේ නොහොත් මුදලාලි ගත්කරුවන්ගේ අවියත් පොත් පතට පන්දම් ඇල්ලීමටත්, අන්‍යයන්ගේ වියත් පොත් පත් හෙළා දැකීමටත් පුරුදුව සිටිති. මේ වැනි විෂම ගති ගුණ ඇති කාලයක කියවන්නා කුටොපදෙශ රහිතව ස්වයම් බුද්ධියෙන් ම හොඳ පොත කුමක් ද, පල් හෑල්ල කුමක් ද කියා සලකා ගත යුතු ය. එ සේ සලකා ගන්නා අවංක සිතින් යුතුව.
ඩබ්ලියු. ඒ. සිල්වාගේ නවකථා කියවන්න.
එ විට ඔබ එයින් සිය බසේ නිවරදි ව්‍යවහාරය, එහි ම කථා ව්‍යවහාරය, හා ග්‍රාම්‍ය ව්‍යවහාරය හා ව්‍යක්තිය ඉගන ගන්නෙහි ය. සත් ගුණවත් වීමේ අනුසස් දකින්නේහි ය. දුසිරිත පිළිකුල් කරන්නෙහි ය. උදාරවත් වන්නෙහි ය. විනොදය ලබන්නෙහි ය. ප්‍රතිරූපය දැකිය යුතු තැන් ප්රතිරූපයෙන් දකින්නෙහි ය. මින් පෙර සිය බසේ කිසි තැනකත් නොඇසූ, නුදුටු පුදුම වියත් කියුම් ජේකයන් කොට ගන්නෙහි ය.
#Sunethra #WASilva #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.