Sale!
, ,

සුදුවතුර ආර ගම + දුම්බර ජනකතා +යාපනයේ දෙමළ ජනකතා + සිංහල ජන සම්මත කතා

රු1,625.00

  • සුදුවතුර ආර ගම + දුම්බර ජනකතා +යාපනයේ දෙමළ ජනකතා + සිංහල ජන සම්මත කතා
  • සාමාන්‍ය මිල – රු. 1710/=
  • අපේ මිල – රු.1625/=

Out of stock

සුදුවතුර ආර ගම + දුම්බර ජනකතා +යාපනයේ දෙමළ ජනකතා + සිංහල ජන සම්මත කතා

සාමාන්‍ය මිල – රු. 1710/=

අපේ මිල – රු. 1625/=

සුදුවතුර ආර ගම

 

Author : සමරසිංහ ගුණසේකර / රන්මිණි විතානගම 

A Sinhalese Village In Sri Lanka (by Victoria J. Baker) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera Publisher

New Batch 2014

ISBN : 978-955-9126-72-8

560 Pages 

 

මොනරාගල දිස්ත්‍රික්කයේ, වනගත හුදකලා ගමක, ගැමියන් තනා දුන් පැල්පතක ජීවත් වෙමින් ගමේ ගැමියන් ඇසුරු කරමින් එම ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම පිළිබඳ  VILLAGE IN SRI LANKA නම් විශිෂ්ට පර්යේෂණ කෘතිය සමරසිංහ ගුණසේකර හා රන්මිණි විතානගම විසින් සිංහල බසට පරිවර්තනය කළ වගයි. සුදුවතුර ආර ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම අළලා සම්පාදිත මෙම කෘතිය හුදෙක් එක් ගමක නොව විසිවන සියවසේ ශ්‍රී ලාංකික ගම්වැසියන්ගේ ජන ජීවිතය පිළිබඳ පරිපූර්ණ ජනවංශ විවරණයන් ලෙස හැඳින්විය හැකිය.

 

#SuduwathuraAraGama #SamarasingheGunasekare #RathminiWithanagama #SinhalaPoth #SinhalaPariwarthana

 

දුම්බර ජනකතා 

 

Author : සඳරුවන් ලොකුහේවා 

Publisher : Sooriya Publisher

Second Batch 2021

ISBN : 978-955-656-181-4

136 Pages

අපේ ජාතික උරුමයන් වූ ජනකාවෙන්, ජන කවියෙන් දරුවන් ඈත් කිරීමේ ප්‍රතිවිපාක දැන් දැන් ජන සමාජයේ ඇතැම් කොටස් හා අධ්‍යාපන අංශයේ නියමුවෝ අවබෝධ කරගෙන සිටිති. එ් නිසාම රට දැය සමය ගැන සුමුදු සිතිවිලිවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් ජනකතා හා ජනකවි වැනි ජන සාහිත්‍යාංග වෙත ළමයි යොමු කිරීමට ඔවුහු පෙළඹී සිටිති.

 

ජාතක වූකලී අපේ ජාතික පුරාවස්තු ලෙස හැඳින්විය හැක. ‘ දුම්බර ජනකතා ‘ තුළින් ඔබට ඉදිරිපත් කරන කතා වැඩි ප්‍රමාණයක් දුම්බර මිටියාවතේ වියපත් ගැමියන්ගෙන් අසා දැනගත්, ඉතිහාසය පිළිබඳ තොරතුරුවලින් යුතු කතා ය. ඇතැම් ඉතිහාස තොරතුරු කුතුහලය දනවන අප්‍රකට එ්වා ය. ජනකතා අතර ඇති මේ තොරතුරු කෙතෙක් දුරට සත්‍ය දැයි එක එල්ලේ කිව නොහැකි වූවද විජය කුමාරයාගේ ගොඩ බැසීමේ සිට මෙරට රජ පරපුර වටා ගෙතුණු ඉතිහාසගත තොරතුරු ඇතුළත් ජනකතා රාශියක් අප අතර ඇත. ඒවායින් දුම්බර ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර පැවත එන ජනකතා කිහිපයක් හා ග්‍රාම නාම සෑදුණූ ආකාරය පිළිබඳ කතා දෙක තුනක් ද, විනෝද කතා, උපහාස කතා කිහිපයක් ද ‘ දුම්බර ජනකතා ‘ තුළ අඩංගු වෙයි. 

#Dumbarajanakatha #SandaruwanLokuhewa #SinhalaPoth

 

සිංහල ජන සම්මත කතා

Author : පොත්තේවෙල පඤ්ඤාසාර හිමි  

Publisher : Sooriya Publisher

Second Batch 2019

ISBN 978-955-656-549-2

132 Pages

1915 ඔක්තෝම්බර් 23 දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපිද 1977 දෙසැම්බර් 29 දා අපවත් වී වදාළ පොත්තේවෙල පඤ්ඤාසාර මහනාහිමිපාණන් වහන්සේ මෙම කෘතියේ කතුවරයාණෝ වෙති. 

ප්‍රථම මුද්‍රණය 1951 වර්ෂ ලෙස සඳහන් මෙම කෘතියෙහි ආයුෂ වර්ෂ 68 කි. කතු හිමියන් තිස්හය හැවිරිදි සිටිය දී පළ කරන ලද මෙම කතා සංග්‍රහයට මුඛ පරම්පරාගත ජනකතා 22 ක් ඇතුළත්ය. මේ වන විට මුද්‍රිත කෘති වහයෙන් ජන කවි දහස් ගණනක් ප්‍රකාශයට පත්ව ඇතත් මුද්‍රත ජනකතා කෘති සොයා ගැනීම දුෂ්කරය. 

අප දන්නා තරමින් අපට හමුවූ මේ ගණයේ ප්‍රථම කෘතිය මෙය විය හැකිය. සිසු පරපුරට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකි මෙම කතා සංග්‍රහය ජනශ්‍රැති පර්යේෂකයන්ට ද ඵලදායී විය හැකිය.

කෘතියේ කතුවරයාණන් අපවත් වි මේ වසරට දෙවිසිවස සපිරෙයි. පාඨක ඔබට පිදෙන අගනා හස්තසාර වස්තුවක් වන මෙම කෘතිය කතු හිමිපාණන්ගේ ශ්‍රී නාමයට උපහාරයක් වේවා…..! 

SinhalaJanasammathaKatha #PoththewelaPanchasaraHimi #Sinhalapoth

යාපනයේ දෙමළ කතා

Author : උමයංගනා පූජනී ගුණසේකර

Publisher : Soorya Publisher

First Edition 2020

ISBN 978-955-656-576-8

72 Pages

ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඔ්නෑම ජන සංස්කෘතියකට ඔවුන්ගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්‍රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්‍රදාය ලාංකේය ජනශ්‍රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහල පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් – පරපුර දුරස් කළ යාපන දෙමළ – ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; “ යාපන දෙමළ ජනකතා ” සිංහල බසට නැඟී මුද්‍රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි. 

                                                                                                            –  ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –

#YapanayeDemalaKatha #UmayanganaPoojaniGunasekara #SinhalaPoth #Sinhalanawakatha

Weight 0.793 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුදුවතුර ආර ගම + දුම්බර ජනකතා +යාපනයේ දෙමළ ජනකතා + සිංහල ජන සම්මත කතා”

Your email address will not be published. Required fields are marked *