Author : රූපා ශ්රියානි ඒකනායක
Publisher : Sooriya Publishers
Second Batch 2011
ISBN 978-955-656-197-5
268 pages
වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝය.මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසාය.
සරලාගේ චරිතයට ප්රභාෂ්වරයක් වීමට හැමවිටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින්ද, සරලා තමා වෙත නතු කර ගැනීමට වායම් කරන්නේ ස්වකීය ප්රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය.
රාග , දෝෂ, මෝහ ආදී ක්ලේශ රාශියකින් වෙළී සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නී ය.
#SituwaraPuwatha #RuupaSriyaniEkanayeke #SinhslsPoth #SinhalaNawakatha
Reviews
There are no reviews yet.