, ,

සිඟන රැළේ ඔපෙරාව

රු300.00

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • The 3 Penny Opera (by Bertolt Brecht) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sakila Publication
  • Second Batch 2013
  • ISBN 978-955-1300-42-2
  • 128 Pages

Out of stock

Author: රන්ජිත් ධර්මකීර්ති

The 3 Penny Opera (by Bertolt Brecht) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sakila Publication

Second Batch 2013

ISBN 978-955-1300-42-2

128 Pages

 

“නීති හදලා තියෙන්නේ නීතිය ගැන නොදන්නා මිනිස්සුයි, නැති බැරි කම නිසාම නීති රකින්න බැරි තත්ත්වයක ඉන්න මිනිස්සුයි ගසා කන්නයි.”

“ සිඟන රැළේ ඔපෙරාව” – පිටුව 95

“ ඉතිහාසයේ මහා වීරයෝ හැමතිස්සේම වගේ පුංචි කඩුල්ලක් පනිද්දී පය පටලවා ගන්නවා.”

සිඟන රැළේ ඔපෙරාව” – පිටුව 73

ඉහත දැක්වූ සංවාද 1928 වසරේ බර්ලින් නුවර දී ප්‍රථම වතාවට වේදිකාගත කරන ලද බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ සිඟන රැළේ ඔපෙරාව The Threepenny Opera නාට්‍යයෙනි. 1926 වසරේ දී බර්ටෝල් බ්‍රෙෂ්ට් මාක්ස්වාදය අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුගේ නිර්මාණ ගැඹුරු වූයේ ධනේශ්වර සමාජය විනිවිද දැකීමට සලස්වා, සමාජ ක්‍රමය පරිවර්තනය කිරීම කෙරෙහිය. ඔහුගේ නිර්මාණ අතුරින් මෙම ආකල්පය හා දෘෂ්ටිමය වෙනස සනිටුහන් කරන සංධිස්ථානය ලෙස ‘ ත්‍රී බෙනි ඔපෙරා’ නාට්‍යය සැලකේ. ඉතාමත්ම ජනප්‍රිය හා සාර්ථක නාට්‍යයක් වූ “සිඟන රැළේ  ඔපෙරාව” තෙවරක්ම චිත්‍රපටි මාධ්‍යයට ද නගා ඇත.

ලන්ඩන් නුවර තරු පහේ හෝටල් වල ගැවසෙමින් පොලිස් ප්‍රධානියාගේ අනුදැනුම ඇතුව පාතාල ලෝකයේ නායකයෙකු වන පිහිමැකී නමැති මැරයා නිරතවන ක්‍රියා කලාපය තුළින් බ්‍රෙෂ්ට් ධනේශ්වරය සමාජයේ යථාර්ථය කර්කශ උපහාසයට නගයි. දුගීන් බහුල ලන්ඩන් පුරවරයේ අන්ත දුගීන්ට යාචකයන් සේ පුහුණුවක් ලබාදී මුදල් උපයාගන්නා ව්‍යාපාරයක් පවත්වාගෙන යන පීචන් තුළින් සමාජයේ තවත් පැතිකඩක් බ්‍රෙෂ්ට් උලුප්පා දක්වයි. බ්‍රෙෂ්ට් ගේ මෙම නාට්‍ය 1987 වසරේ දී ජර්මන් ජාතික මහාචාර්ය ෆිට්ස් බෙනෙවිට්ස් හා රන්ජිත් ධර්මකීර්ති ගේ  සම අධ්‍යක්ෂණයක් ලෙස “ආඩි රැලේ නාඩගම” නමින්ද වේදිකා ගත විය.

 

#SiganaReleOperawa #RanjithDharmakeerthi #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.154 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිඟන රැළේ ඔපෙරාව”

Your email address will not be published. Required fields are marked *