, ,

සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය

රු675.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa  Publisher
  • First Edition 2016
  • ISBN : 978-955-695-030-4
  • 400 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Edited by W.A. Abeysinghe

Publisher : Sarasa  Publisher

First Edition 2016

ISBN : 978-955-695-030-4

400 Pages

 

” සුප්‍රකට මානව විද්‍යාඥ මලිනොව්ස්කි පවසන ආකාරයට, ” මානව වර්ගයාගේ අදහස් උදහස්, ශිල්ප විධි, චින්තනය හා චාරිත්‍ර වාරිත්‍ර යන මේ සියල්ල අඩංගු සමස්තය, සංස්කෘතිය නම් වෙයි.” ඒ අනුව සමාජයක් තුළ පෝෂණය වන්නා වූ සාරධර්මයන්ගේ හරය හෙවත් එකමිතිය සංස්කෘතිය නමින් හැඳින්වෙයි. ඒ සංස්කෘතිය හැඩගැසෙන්නේ, ජනකායකගේ පැවැත්මත් චින්තනයත් පරිසරයත් අනුවය. මෙම හැඩගැසීම අවිච්ඡින්න වූ පරිණාමයකට ගොදුරු වෙයි. ඒ වනාහි මානව වර්ගයාගේ සමාජ විකාශනයේම සමස්ත ප්‍රතිඵලය හෙවත් ආභ්‍යන්තරික හරය වන්නේය.

” මානව සංස්කෘතියේ මෙම අභ්‍යන්තරික හරය නිසි පරිදි වටහාගත් ශ්‍රී  ලාංකික ප්‍රාඥයා, මාර්ටින් වික්‍රමසිංහයෝ වෙති. චිර පරිචිත විෂයානුබද්ධ දැනුම් සම්භාරයකින් සන්නද්ධව, පෘථුල ලෝකාවේක්ෂණයෙන් යුතුව, අපගේ සංස්කෘතියත් සභ්‍යත්වයත් විමසන මහා ලේඛකයා එළඹෙන නිගමනයන් වූකලී, සර්වකාලීන වූ දෘෂ්ටියක පිහිටා පළ කරන ලද අදහස් බැව් කිව යුතුය.’

(පෙරවදනින් උධෘතයි)

#SinhalaSanskruthiyaHaSabyathwaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.470 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය”

Your email address will not be published. Required fields are marked *