,

සාර්ථක ව්‍යාපාරිකයාට දැනමුතුකම්

රු1,000.00

  • Author: නීතිවේදී එච්. අයි. පී. ඉමදූව
  • Publisher: කතෘ ප්‍රකාශනයකි
  • First Edition 2015
  • ISBN 978-955-42278-0-4
  • 348 pages

Out of stock

Author: නීතිවේදී එච්. අයි. පී. ඉමදූව

Publisher: කතෘ ප්‍රකාශනයකි

First Edition 2015

ISBN 978-955-42278-0-4

348 pages

පෙරවදන

“සාර්ථක ව්‍යාපාරිකයාට දැනමුතුකම්” නම් වූ මෙම කෘතියට පෙරවදනක් ලිවීමට මට ඇරයුම් කිරීම මම භාග්‍යයක් කොට සලකනු ලබන්නේ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම ගුණාංගයක්ම විවිධ දෘෂ්ඨි කෝණයන්ගෙන් විමසා බලා ව්‍යාපාරකරණයේ සාර්ථකත්වය ළගාකර ගැනීමට දිරි ගන්වමින් මෙම කෘතිය අනගි ලෙස රචනා කර ඇති බව නිරීක්ෂණය වන බැවිනි.

ඉතා ගැඹුරු විෂයක් ප්‍රායෝගික, සරල මෙන්ම ආකර්ශනීය අන්දමින් ඉදිරිපත් කිරීමට මෙම කෘතිය තුළ ගෙන ඇති උත්සාහය අගය කොට සලකන අතරම එය මෙවන් විෂයක් වැඩි වශයෙන් මහජනතාව අතරට ගෙනයාමටත් ඔවුන් තුළ ව්‍යවසායකත්වය දියුණු කිරීමටත් හේතුවනු ඇති බව මාගේ විශ්වාසයයි. එසේ සලකන කල මෙරට තුළ පවතින දැඩි කාලීන අවශ්‍යතාවයක් මෙම කෘතිය තුළින් සපිරෙයි.

ව්‍යාපාරික ලෝකයේ දොරටුව විවර කරමින් ව්‍යාපාර සැලසුම, සංවිධාන ක්‍රමෝපාය, කළමනාකරණය, ප්‍රාග්ධනය, බැංකු ණය පහසුකම්, විගණනය, නෛතික සුරක්ෂිතතාවය මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයකු සතු විය යුතු නායකත්වය හා සේවක සුභසාධනය ගැනද, එමෙන්ම ව්‍යාපාරික ප්‍රශ්න තුළින් මතුවිය හැකි මානසික ගැටළුද ඉතා මැනවින් සාකච්ඡාවට බඳුන් කර ඇති මෙම කෘතිය නිසැකයෙන්ම කුඩා හා මධය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිශීලනය කළ යුතු බවට මම නිර්දේශය කරමි.

මෙවන් සාර්ථක කෘතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එච්. අයි. පී. ඉමදූව මහතාට මාගේ සුබපැතුම් හිමිවේ.

  • ජනාධිපති නීතිඥ, ආචාර්ය හර්ෂ කබ්රාල්

#sarthakaViyaparikayataDanamuthukam #කුඩා-හා-මධය-පරිමාණ-ව්‍යාපාර #ව්‍යවසායකත්වය

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාර්ථක ව්‍යාපාරිකයාට දැනමුතුකම්”

Your email address will not be published. Required fields are marked *