Sale!
, , , ,

සරත් විජේසූරිය මහතාගේ පොත් එකතුවක්

Original price was: රු3,280.00.Current price is: රු3,116.00.

  • ආදරය දැනෙන්න ජීවත්වෙන්න + අතීතය ගුරුවරයෙකි  + ජීවිතයට ගරු කරන්න
  • සාමාන්‍ය මිල – රු. 3280/=
  • අපේ මිල – රු. 3116/=

Out of stock

ආදරය දැනෙන්න ජීවත්වෙන්න + අතීතය ගුරුවරයෙකි  + ජීවිතයට ගරු කරන්න

සාමාන්‍ය මිල – රු. 3280/=

අපේ මිල – රු.3116/=

 

ආදරය දැනෙන්න ජීවත්වෙන්න

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

Sixth Edition 2020

ISBN 978-955-691-064-3

208 pages

මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය. 

#AdarayaDanennaJeewathwenna #SarathWijesuriya

 

අතීතය ගුරුවරයෙකි  

 

Author : සරත් විජේසූරිය

Publisher: Wijesuriya Publishers

Twenty Edition 2020

ISBN 978-955-652-414-7

298 Pages

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරිමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය.ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය…..

දෙමාපියන් ජීවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ නිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද? එය කිසිසේත් අතීතකාමය නොවේ; අත්දැකිම් උරුම කර ගැනීමකි……

“ ආදරය දැනෙන්න ජීවත්වන්න ” සහ “ ජීවිතයට ගරු කරන්න ” යන කෘති දෙක මගින් අවධානයට ලක් වූ අඹු සැමි ජීවන සබඳතා වල සංකීර්ණ ගැටලුවල තවත් ස්වරූපයක් මේ කෘතියෙන් ඇතුළත් චරිත හා සිද්ධි වලින් විග්‍රහ කෙරේ.

  • අහස අතුපතර විහිදුණු වනස්පතිය අපට පෙනේ.
  • එහෙත් අපට නොපෙනෙන මහා ශක්තිය ඇත්තේ පොළව යට නොවේද?

#AtheethayaGuruwarayeki #SarathWijesuriya #SinhalaPoth #Ugadiviya 

 

ජීවිතයට ගරු කරන්න

 

Author: සරත් විජේසූරිය

Publisher: Wijesuriya Publishers

Fifteenth Edition 2020

ISBN 978-955-652-018-7

304 Pages

අඹු සැමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පැවැත්මේ වරදක්ද? දෙමාපියන්ගෙන් උරුමවූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම – මිල මුදල් හරි හම්බ කිරීම හෝ වස්තුව උරුම කර ගැනීම – කායිකාස්වාදය අත්කරගැනීම සැබැවින් ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද? 

උසට වැඩුණු කොළ හැළුණු ගස දකින විට සිතෙන්නේ අහසට අත් ඔසවා වැස්ස අයදින බව යයි අපි සිතන්නෙමු. එහෙත් කොළ හැලී ගියද මහ පොළව තුළ මුල් දරා සිටින තුරා ගස මියදෙන්නේ නැත. එහෙත් නිසි කල ජලය නොලැබෙන – පොහොරක් නොලැබෙන හිරු එළිය අවැසි සේ නොලැබෙන වටිනා පැලයක් වූව අකාලයේ මියැදෙයි. 

අඹු සැමියන් සරල රේල් පීලි දෙකක් සේ ඉදිරියට ඇදුණද; එක වහලක් යට ජීවත් වුවද උනුන් කෙරේ ගෞරවනීය බැඳීමක් නැත්තම් ජීවිතය වෙහෙසකරය, පීඩාකාරීය, ඉමහත් සතුටින් ජිවිතයක් ආරම්භ කර කාලයක් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි?

ගසක අතුපතර විහිදී හොඳින් වැඩෙයි. ඉක්බිතිව කොළ හැලී පල නොදරා ජීවයෙන් තොර බවක් පල කරන්නේ ගස වියපත් වු නිසාමද? 

මේ පොත ගෞරවනීය බැඳීම්වලින් තොරවීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝගවලට මුහුණ දුන් හැටි විස්තර කරයි. 

#JeewithayataGaruKaranna #SarathWijesuriya #SinhalaPoth

Weight 0.820 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරත් විජේසූරිය මහතාගේ පොත් එකතුවක්”

Your email address will not be published. Required fields are marked *