, , ,

සයුරු තෙර සහන් බිම

රු900.00

  • Author – රෝහණ වෙත්තසිංහ
  • A Long Petal of The Sea ( by Isabel Allende) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2388-6
  • 454 Pages

Out of stock

Author – රෝහණ වෙත්තසිංහ

A Long Petal of The Sea ( by Isabel Allende) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2388-6

454 Pages

 

යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද්‍යවරයකු වූ වික්ටර් දල්මච්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය. ඒ, යුද බිමේදී දිවි පිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබූ හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වනවිටත් ගැබිනියකව සිටියාය.

මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප්‍රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් “විනිපෙග්” නෞකාවේ නැගී එදා යාත්‍රිකයන් ලෙසින් චිලී දේශය බලා ගියේ දෙවෝපගත ගමනකි.

චරිත ජාලයක පැටළුණු වික්ටර් – රෝසර් අඩ සියවසක වෘතාන්තය නව යෞවනයේ ආදර බැඳීම්, සිත් කම්පාවීම්, සැරිසැරීම්, වියෝවීම් මධ්‍යයේ පරම්පරා හතරක් ඔස්සේ ගලා යයි.

ඉසබෙල් අයියන්දේ ඓතිහාසික නවකතාකාරිනියක ලෙසින් මෑතකදි සිය ශක්‍යතා ඉහළින්ම ප්‍රකට කළ කෘතිය ‘A Long Petal of The Sea’ යන්න විචාරක මතයයි.

 

#SayuruTheraSahanBima #RohanaWeththasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.526 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සයුරු තෙර සහන් බිම”

Your email address will not be published. Required fields are marked *