,

සම්භාව්‍ය සාහිත්‍ය – ද්විතීය භාගය

රු750.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher: Sarasa Publishers
  • First Edition 2018
  • ISBN 978-955-695-038-0
  • 352 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

First Edition 2018

ISBN 978-955-695-038-0

352 Pages

 

නවීන හා ස්වාධීන දෘෂ්ටියකින් යුතුව සම්භාව්‍ය සිංහල සාහිත්‍යය විචාරයට ලක් කළ පුරෝගාමී ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ බැව් අවිවාදිත ය. අපගේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතීන් පරිශීලනය කරන විද්වතුන්ගේ හා විද්‍යාර්ථීන්ගේ විචක්ෂණ බුද්ධිය කෙරෙහි ඔහු තරම් බල පෑ අනෙක් ලේඛකයෙකු ඔහුගේ අවධියෙන් පසුව වුව ද මෙදාතුර බිහි වී නොමැති බව කිය හැකි ය. සංඥා, නිමිත්ත, කර්තෘ, පරිමාණය, ප්‍රයෝජන යන සම්ප්‍රදායික පංච විධ කාරණ මත පදනම්ව පැවති සම්භාව්‍ය සිංහල සාහිත්‍ය විමර්ෂණය විධිමත් වූ ද බුද්ධි ගෝචර වූ ද ශික්ෂණ මාර්ගයක් බවට පත් කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.

සම්භාව්‍ය සිංහල සාහිත්‍යය අරභයා මාර්ටින් වික්‍රමසිංහ විසින් සිංහල ඉංගිරිසි දෙබසින්ම ලියන ලද සියලුම ලේඛන ද එකී විෂය පථය අලලා විවිධ වාර ප්‍රකාශන සහ පුවත් පත් උදෙසා ලියන ලද ලිපි ද මෙම වෙළුමෙහි අන්තර්ගත වෙයි.

 

#SambhawyaSahithyayaDvitheeyaBagaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

WhatsApp us