Sale!
, , , ,

සත් සුමිතුරෝ කථා මාලාවෙන් පොත් පහක්

Original price was: රු1,460.00.Current price is: රු1,387.00.

  • සත් සුමිතුරෝ + සත් සුමිතුරන් සහ මුතුමාලයේ අබිරහස + සත් සුමිතුරන් සහ පාළු තැනිතලාවේ අබිරහස + සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස + සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය
  • සාමාන්‍ය මිල – රු. 1460/=
  • අපේ මිල – රු. 1387/=

Out of stock

සත් සුමිතුරෝ + සත් සුමිතුරන් සහ මුතුමාලයේ අබිරහස + සත් සුමිතුරන් සහ පාළු තැනිතලාවේ අබිරහස + සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස + සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය

සාමාන්‍ය මිල – රු. 1460/=

අපේ මිල – රු. 1387/=

 

සත් සුමිතුරෝ

Author: සුදත් රොහාන්

The Secret Seven  (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2003

ISBN  – Unknown

135 pages

ඒ ශීත ඍතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් ඒ බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද?

#SathSumithuro #SudathRohan

 

සත් සුමිතුරන් සහ මුතුමාලයේ අබිරහස

Author: සුදත් රොහාන්

The Secret Seven Adventure (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2003

ISBN  – Unknown

112 pages

පීටර්ට බය වූ මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් කොලින් බලා සිටියේ පුදුමයෙනි.

තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළග ම භීතියෙන් වෙවුළා ගියේ ය. ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපූරු තැනක් හොයාගෙන ඇති සෙයකි.

කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය.

දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවනවා සිකුරු ය.

#SathSumithuranSahaMuthumalayeAbirahasa  #SudathRohan

 

සත් සුමිතුරන් සහ පාළු තැනිතලාවේ අබිරහස

Author: සුදත් රොහාන්

The Secret Seven Wins Through (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2005

ISBN  – Unknown

142 pages

තත්පර කිහිපයක් නිහඬව ගෙවී ගියේ ය. කිසිවෙකුත් පිටතට පැමිණියේ නැත. විදුලි පන්දමේ දීප්තිමත් ආලෝකය විහිදෙන ප්‍රෙද්ශයේ තිබුණේ දැඩි පාළුවක් පමණකි.

#SathSumithuranSahaPaluThenithalaweAbirahasa  #SudathRohan

 

සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස

Author: සුදත් රොහාන්

Go Ahead Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2004

ISBN  – Unknown

136 pages

ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එතකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කූඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද ?

#SathSumithuranSahaBimgeiAbirahasa  #SudathRohan

 

සත් සුමිතුරන් සහ සොරාගත් වයලීනය

Author: සුදත් රොහාන්

Puzzle for Secret Seven (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2006

ISBN 955-657-037-3

182 pages

එක් දිනක් රාත්‍රියක නගරයේ පෞරාණික අළෙවි සලක තබා තිබෙන මිල කළ නොහැකි වයලීනයක් සොරාගන්නා ආකාරය ජෝර්ජ් සහ කොලින් දකිති. වයලීනය සොරා ගන්නා ආකාරය දුටුවද ඔවුන්ට සොරා අල්ලා ගැනීමට නොහැකි වෙයි. සත් සුමිතුරන් පිරිස මේ අබිරහස් හොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට පටන්ගන්නේ ඉන් පසුවයි. සොරා වයලීනය සොරකම් කොට ඇත්තේ පීටර්ගේ ගෙවත්තේ සිටින පඹයාගේ ඇඳුම් කට්ටලය ද සොරකම් කොට එය ඇඳගෙන ගොස් බව සත් සුමිතුරෝ සොයා ගනිති. මේ සිදුවීම් දාමය ගැන පරීක්ෂණ පවත්වන සත් සුමිතුරන්ට සොරාගත් වයලීනය සොයාගත හැකිවෙයි. එහෙත් අවසානයේ ඉතාමත් ම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි.

#SathSumithuranSahaSoragathWayaleenaya #SudathRohan

Weight 0.610 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරෝ කථා මාලාවෙන් පොත් පහක්”

Your email address will not be published. Required fields are marked *