,

ශ්‍රී පාදස්ථානය පිළිබඳ ‌‌ඵෙතිහාසික තොරතුරු සහ ශ්‍රී පාද අඩවියේ හාස්කම්

රු300.00

  • Author – කාන්ති.එම් විතාරණ
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2004
  • ISBN 955-20-7538-6
  • 200 Pages

Out of stock

Author – කාන්ති.එම් විතාරණ

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2004

ISBN 955-20-7538-6

200 Pages

 

සරල සිංහල බසින් ලියවී ඇති “ශ්‍රී පාදස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු සහ ශ්‍රී පාද අඩවියේ හාස්කම්” නමැති මෙම ග්‍රන්ථයේ සිරිපාද කන්දේ ඓතිහාසික මෙන් ම ආගමික වැදගත්කම ද ඉස්මතු කර දක්වයි. 1934 දී පෞද්ගලික සමාගමක් මගින් ඉතිහාසයේ පළමු වරට සිරිපා මළුවට විදුලි ආලෝකය සැපයීමේ කථා පුවත ද මෙහි අඩංගු වීම විශේෂ කරුණක් වශයෙන් සඳහන් කළ හැකි ය. වර්ෂ 1933 දී වැල්ලවත්තේ විසූ සැදැහැතියන් පිරිසක් විසින් ආරම්භ කරන ලද “ශ්‍රී සමන්තකූට විදුලි පහන් ආලෝක සහෝදර සමිතිය” නමින් හඳුන්වනු එම සමිතිය ආරම්භ කළ අවස්ථාවේදී සහ සිරිපා මළුවට විදුලි ආලෝකය මුල්වරට සැපයූ අවස්ථාවේදී සිදුවී ඇති විශ්මය ජනක සිද්ධීන් කියවන්නා මවිතයට පත් කරවයි. එම සමිතිය ආණ්ඩුවේ ලියාපදිංචි කළ සහතිකය, එම සමිතිය අවලංගු කළ සහතිකය සහ සමිතිය ලංකාණ්ඩුව සමග ගනුදෙනු කළ ලිපි කිහිපයක්ද උපග්‍රන්ථයට එක්කර තිබීම එහි ඓතිහාසික වැදගත්කම තහවුරු කරයි.

ඕනෑම පුස්තකාලයක අඩංගු කිරිමට සුදුසු ග්‍රන්ථයක් වශයෙන් මෙය අනුමත කළ හැකි ය.

මහාචාර්ය ජයන්ති ද සිල්වා , අංශ ප්‍රධාන , භුගෝල විද්‍යා දෙපාර්තමේන්තුව , කොළඹ විශ්වවිද්‍යාලය

 

#SreeiPadasthanayaPilibadaAithihasikaThorathuruSahaSreePadaAdaviyeHaskam #KanthiMVitharana #SinhalaPoth #OnlineBooks

Weight 0.235 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී පාදස්ථානය පිළිබඳ ‌‌ඵෙතිහාසික තොරතුරු සහ ශ්‍රී පාද අඩවියේ හාස්කම්”

Your email address will not be published. Required fields are marked *